අපි කවුද? 

ASANI VOICE යනු ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ නිල වෙබ් අඩවියයි. සෑම ආකාරයකම ධනේශ්වර සූරාකෑමට සහ පීඩනයට එරෙහිව  ප්‍රකාශන සහ ලිපි ප්‍රකාශයට පත් කිරීමට අපි කැප වෙමු. අපගේ අපේක්ෂාව වනුයේ විප්ලවවාදී දේශපාලනය පිළිබඳ සැබෑ ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් සැපයීම සහ ලෝක විප්ලවයේ පුළුල් රාමුව තුළ දකුණු ආසියාවේ කම්කරු පන්ති ව්‍යාපාරය සමඟ බද්ධවීමට උත්සාහ කිරීමයි. අපි, වීදිවලත්, වැඩපළවලත් අරගලයේ යෙදී සිටින කම්කරුවන්, ගොවීන් සහ ශිෂ්‍යයන් වන්නෙමු. අපි බහු වාර්ගික, බහු ලිංගික සහ බහු සංස්කෘතික පුද්ගලයින් වන්නෙමු.

මානව වර්ගයාගේ වර්තමාන අර්බුදය, වෙළඳපල සහ තාක්ෂණය මගින් විසඳනු ඇතැයි අපි නොසිතමු. ගැටලුව පවතිනුයේ, ධනේශ්වර ප්‍රාග්ධන සම්මුච්චයත්, එහි නිමක් නැති වර්ධනය සහ එහි අසීමිත නාස්තියත් මත පදනම්වූ සමස්ත පද්ධතිය තුළය. 

ප්‍රාග්ධන සමුච්චය හේතු කොටගෙන තවදුරටත්  මිනිස් වාසයට සුදුසු ස්ථානයක් නොවන ලෙස පෘථිවි පද්ධතිය විනාශ කරයි. ඒ නිසා අපි ධනවාදය අවසන් කළ යුතු වන්නෙමු. අද අපට ඇත්තේ තේරීම් දෙකක් පමණි: “විනාශය හෝ විප්ලවය”යි.

 මෙම තත්ත්වය තුළ, ASANI VOICE කම්කරු පන්තියට සහ පීඩිත ජනතාවට අදාළ ප්‍ර‍ශ්න මෙන්ම ජාතික හා ජාත්‍යන්තර ප්‍රශ්න කෙරෙහිද අවධාරණය යොමු කරයි.

 අපි අරගල කරන ප්‍රශ්න වනුයේ:-

  •  ස්වයං නිර්ණය සඳහා ජාතීන්ට ඇති අයිතිය මෙන්ම දකුණු ආසියාවේ කුලවාදයට (කුල ක්‍රමය) සහ ජාතිවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය ගොඩනැගීමටත්,
  •  ලෝකයේ සමාජවාදී සංවිධාන එකිනෙක සම්බන්ධ කිරීම සඳහා සටන්කාමී පුවත්පත් කලාවක් යෝජනා කිරීමට ASANI VOICE බලාපොරොත්තු වේ.
  •  තිරසාර සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ කාර්යභාරය අප හමුවේ ඇති බවත්,  මිනිසාගේ පැවැත්ම සහ පෘථිවියේ පැවැත්ම රඳා පවතින්නේ එය මත බවත් අපි තරයේ විශ්වාස කරමු.
  •  අපගේ අරමුණු සහ කාර්යභාරයන්, සියළුම ආකාරයේ ධනේශ්වර, අධිරාජ්‍යවාදී සහ පන්ති සහයෝගීතාවාදී දේශපාලන පක්ෂවලින් ස්වාධීනව පවතින්නකි.
  •  දේශසීමා, සම්බාධක, රාජ්‍ය මර්දන ක්‍රියා සහ සමස්ත අධිරාජ්‍යවාදී යාන්ත්‍රණයට මෙන්ම, ඒවා හරහා ගොඩනඟන සහ අරමුදල් සපයන දේශපාලන පක්ෂවලට අපි විරුද්ධ වෙමු.
  •  අපගේ අරගලය වන්නේ දකුණු ආසියාවේ එක්සත් සමාජවාදී සංගමය ගොඩනැගීම මෙන්ම ලෝකයේ සියලුම කම්කරුවන් එක්සත් කිරීම සඳහා විප්ලවවාදී කොමියුනිස්ට් ජාත්‍යන්තරය සඳහා නව ලීගයක් යෝජනා කිරීමයි.
  •  අපි කම්කරු පන්තිය කෙරෙහි විශ්වාසය තබන අතර කම්කරුවන් සිය සේවා ස්ථානවල සංවිධාන ගත  කිරීමෙන් මෙම ක්‍රමය අවසන් කර  නව සමාජයක් ගොඩනැගීම සඳහා පීඩිත ජනතාව එක්සත් කළ හැකියයි විශ්වාස කරමු.
  •  අපි වෘත්තීය සමිති තුළ සහභාගිවී කටයුතු කරන අතරම වෘත්තීය සමිති නිලධාරිවාදයට එරෙහිව සටන් කරන්නෙමු.
  •  අපි සමාජවාදී ස්ත්‍රීවාදී, පාරිසරික, ජාතිවාදයට එරෙහි ව්‍යාපාර, LGTBQ ප්‍ර‍ජාව සහ ලෝකයේ සංක්‍රමණික අයිතිවාසිකම් සංවිධානවල ක්‍රියාකාරී කොටසක් වන්නෙමු.
  •  බොහෝ විට රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන ප්‍රජා නිලධාරිවාදයට එරෙහිව ASANI VOICE සටන් කරන්නේය.

 සහෝදර / සහෝදරියනි,

 අපගේ ඉලක්කය සම්මුති විරහිත වන අතර එය නව ලෝකයක් ගොඩනැගීමයි. ධනවාදය සහ සියලු ආකාරයේ ස්වමතාසක්ත භාවයන් (Bigotry) පරාජය කිරීමට අප හා එක්වන්න!

Related posts