ධනපති ක්‍ර‍මයේ නිරුවත නිරාවරණය කළ 2022

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

2022 වර්ෂය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් දේශපාලන සිදුවීම් ගණනාවක සනිටුහන් කරමින් අවසානය කරා පැමිණ ඇත.

ජාතික වශයෙන් ගත්කල මෙතෙක් ලාංකික ඉතිහාසයේ ඇතිවූ දැවැන්තම ජනතා අරගලය 2022 වර්ෂය තුළ දිගහැරෙනු අප දුටුවෙමු. එය සමස්ත ලෝකයේම අවධානය පැහැර ගත් අරගලයකි. වසර දෙකකට කලින් දශක ගණනාවකට නොසෙල්විය හැකි ශක්තිමත් දේශපාලන පදනමක් ඇතැයි බොහෝ දෙනෙක් සිතා සිටි රාජපක්ෂ පාලනය පියවරෙන් පියවර බිඳ වැටුණේ බිඳවැටුනේ කාඩ් වලින් තැනූ නිවසක් නිවස කඩා වැටෙන ආකාරයටය.

අද වන විට එකී අරගලය සමග සම්බන්ධව සිටි ඇතැම් කොටස් පවතින ධනපති කොටස් සමග සම්බන්ධ වෙමින් හෝ ධනපති / ලිබරල් දේශපාලන අදහස් වපුරමින් නන් දොඩවමින් ඒ මේ අත යමින් සිටියද අරගලය ආරම්භ වූයේ අද එසේ නන්දොඩවන අයෙගේ උවමනා එපාකම් මත නොව, රාජපක්ෂ පාලනය විසින් ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයකට රට ඇද දමා තිබීමේ ස්වභාවික ප්‍රතිඵලයක් ලෙසටය.

ඕනෑම අරගලයකට ජනතාව අවතීර්ණ වන්නේ තමන්ට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් නිසාවෙනි. යමෙක් අරගලයකට / සටනකට අවතීර්ණ වන්නේ සැමවිට තමන්ට වුවමනා විසඳුම පිළිබඳ මනා දැනුමක් සහිතව නොවේ.

විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. විප්ලවවාදී පක්ෂයක වගකීම වන්නේ අරගලයට අවතීර්ණ වන ජනතාවට නිසි මාවත පෙන්වා දීමයි; නිසි විසඳුම පැහැදිලි කර දීමයි; හෙවත් නිසි නායකත්වයක් ලබා දීමයි.

ලංකාවේ අරගලය තුළ කෙතරම් විචිත්‍රවත් අන්දමට ජනතාව ක්‍රියාකාරීත්වයට පැමිණියද, ඉහතින් කී සාධකය නොමැති වීම තුළ එකී ජනතාවට රාජපක්ෂ පාලනය එළවා දැමීමෙන් ඔබ්බට ගමන් කළ නොහැකි විය.

අනෙක් අතට දිගින් දිගටම ගමන් කරන අරගලයක් තුළදී ජනතාව ජනතාව විඩාපත් වීම ස්වභාවිකය. ජනයාට නැවත තම දිවිපැවැත්ම ආරම්භ්ස් කිරීමට අවශ්‍යය වේ.

ලංකාවේ මාස ගණනක් පුරා දිග්ගැස්සුණු අරගලය තුළ ජනතාව විඩා පත් වීමත්, අනෙක් අතට එකී ජනයාට නායකත්වය දීමට සමත් විප්ලවවාදී පක්ෂයක් නොමැති වීමත් නිසා ධනපති ක්‍රමය රනිල් රාජපක්ෂ ජුන්ටාවක් අටවා ගනිමින් තාවකාලිකව නැවතත් තම අශෝභන විරූපී හිස එසවීමට සමත්විය.

එහෙත් මෙම රනිල් රාජපක්ෂ ජුන්ටාවට රටේ ජනයා මුහුණ දෙන එකද ප්‍රශ්නයකට හෝ විසඳුමක් ලබාදිය නොහැකි බව මේ වන විටත් ඔවුන් ඉතා හොඳින් පෙන්වා ඇත.

ජනතාව තව තවත් පීඩනයට පත්කරන පත් කරන බදු පැනවීමත්, නරුම රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීමත්, ඒ වෙනුවෙන් ජනතාව මත අනීතික ලෙස මර්දනය පැටවීමත්, විදේශීය ජාවාරම්කාර සමාගම් වලට ජනතා බදු මුදලින් ගොඩනැඟූ රජය සතු ව්‍යවසායන් කුණුකොල්ලෙට විකුණා දැමීමත්, අධිරාජ්‍යවාදී ලෝක බලවතුන් හා එම බලවතුන්ගේ වුවමනාවන් අනුව ක්‍රියාත්මක වන අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන වයන පදේට නැටීමත් හැර ජනතාව වෙනුවෙන් ඔවුන්ට කළ හැකි වෙන කිසිවක් නැති බව මේ වන විට ඔවුන් මනා කොට පෙන්වා දී ඇත.

මෙම නරුම පාලනය විසින් මේ වන විටත් වනවිටත් රටේ ජනතාවගෙන් තුනෙන් දෙකක් ආහාර හතින් අනාරක්ෂිත තත්වයට පත් කොට ඇත. කුඩා දරුවන් අතර මන්දපෝෂණය බෙහෙවින් ඉහළ ගොස් ඇත. ජනතාව අතරට මෙම තොරතුරු යාම වසන් කිරීම වෙනුවෙන් එකී සංඛ්‍යාලේඛන නිකුත් කිරීම මේ වනවිට නවතා දමා ඇත. රෝහල්වල ඇත්තේ උග්‍ර ඖෂධ හිඟයකි. පොත් පත් කළ හා වෙනත් අධ්‍යාපන උපකරණ වල මිල නොසිතූ විරූ අන්දමින් ඉහළ යාම නිසා දුප්පත් දරුවන් බොහොමයකගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට නියමිත තත්ත්වයට පත්ව ඇත. මේ අතර මේ වන විට ක්‍රියාත්මක කොට ඇති ජනතාව නොමරා මරණ බදු ප්‍රතිපත්තිය විසින් ඉදිරියේ තවත් ආර්ථික අර්බුද රැසක් ඇති කරනු ඇති බවට ආර්ථික විශේෂඥයන් විසින් ම අනතුරු අඟවා ඇත.

ලෝක තත්වය ගත්කල එය ලංකාවට වඩා වැඩි වෙනසක් නොපෙන්වයි. 2022 වසර තුළ රටවල් ගණනාවක් බංකොළොත් බව අද්දරට පැමිණි අතර තවත් රටවල් ගණනාවක බරපතළ ජනතා අරගල ඇතිවිය. කසකස්ථානය, පාකිස්ථානය, ඉරාකය, ඉරානය, මෙන්ම චෙක් ජනරජය, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය හා චීනයද ඒ අතර සිටී.

2020 ආර්ථික කඩා වැටීමෙන් පසු 2021 පෙන්නූ ඉතා සුළු ආර්ථික නැගීමෙන් පසු නැවත 2022 දී ලෝක ආර්ථිකය තවත් අර්බුදයක් කරා තල්ලු වීමේ ලක්ෂණ පෙන්නුම් කර ඇත.

අධිරාජ්‍යවාදී බලවතුන් වෙනුවෙන් කුලියට ලියන මහත්වරුන් කියා සිටින්නේ මෙම ආර්ථික පසුබෑම පසුබෑමට හේතුව යුක්‍රේන යුද්ධය බවයි. ධනපති ක්‍රමයට කඹුරන මෙම මහත්වරුන් කිසිම විටෙක ධනපති ක්‍රමය විසින් ආර්ථික අර්බුද ඇති කරන බව හෝ, ආර්ථික අර්බුද යනු ධනපති ක්‍රමයේ ස්වභාවික ප්‍රතිඵලයක් බව හෝ නොපිළිගනී. ඔවුන්ට සැමවිටම ඒ වෙනුවෙන් හේතුවක් ඇත. මොවුන්ට අනුව 2020 ආර්ථික අර්බුදය ඇතිවූයේ කොරෝනා වසංගතය නිසාය. (ධනපති ආර්ථික විශේෂඥයින් විසින්ම 2018 සිට ඉදිරියේ එන ආර්ථික අර්බුදයක් පිළිබඳ අනතුරු ඇඟවීම් කර තිබූ බව මේ මහත්වරුන්ට අමතකය.) අද 2022 ආර්ථික පසුබෑම වෙනුවෙන් යුක්‍රේන යුද්ධය හමට තඩි බාන්නේ ඒ අනුවමය.

එහෙත් යුක්‍රේන යුද්ධය යනු ධනපති ක්‍රමයේ නිර්මාණයක් බව මෙම මහත්වරුන්ට නොදැකීම විශ්මයජනකය. යුරෝපයේ ගෑස් හා ඉන්ධන වෙළඳපොළ වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට ඇමරිකාව බොහෝ කල් සිට ගත් උත්සාහයේත්, නේටෝව තව දුරටත් ව්‍යාප්ත කරමින් රුසියානු කාටලවල වෙළෙඳපොළ සීමා කිරීමට බටහිර රටවලට තිබූ උවමනාවේත් ප්‍රතිඵලයක් ලෙසින් යුක්‍රේන යුද්ධය ඇතිවූ බව මේ මහත්වරුන් උවමනාවෙන්ම වසන් කරයි.

මේ වන විට වනවිට ඇමෙරිකාව හා යුරෝපීය සංගමය 1970 ගණන් වලින් පසු පළමු වතාවට උද්ධමනය සමග ඇතිව ඇති ආර්ථික ඇනහිටීමට මුහුණ දී ඇත. අනෙක් අතින් චීනය මේ වන විට චීනය තුළ ඇත්තේද බරපතළ ආර්ථික පසුබෑමකි.

2023දී හෝ ලෝක ධනපති ක්‍රමයට මෙම අර්බුද වලින් ගැලවීමට හැකි බවක් මේ දක්වා පෙන්නුම් කොට නොමැත. ජනතාව ලෝක පරිමානව මුහුණ දී ඇත්තේ ආර්ථික පරිහානිය, උද්ධමනය, විරැකියාව, සුබසාධන කප්පාදුව, වැටුප් කපා දැමීම, දරිද්‍රතාවය, මන්දපෝෂණය, දේශගුණ විපර්යාස, පරිසර දූෂණය වැනි ධනපති ක්‍රමයේ දුර්විපාකයන්ටය. ධනපති ක්‍රමය පවතින තාක් කල් ලෝක පරිමානවම ජනතාවට මෙම දුර්විපාකයන්ට මුහුණ දීමට සිදුවීම සිදු වීම නොවැලැක්විය හැකිය.

ලෝක පරිමානවම ජනතාවට මෙම දුර්විපාකයන්ගෙන් ගැලවීමට නම් ධනපති ක්‍රමය විප්ලවකාරී ලෙස වෙනස් කිරීම අත්‍යවශ්‍යය. ඒ වෙනුවෙන් ලෝක පරිමානව ජාත්‍යන්තරවාදී විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම මේ මොහොතේ අප ඉදිරියේ ඇති ප්‍රධානම වගකීමයි. එළැඹෙන නව වසර වෙනුවෙන් අපගේ අධිෂ්ඨානය විය යුත්තේ එම ජාත්‍යන්තරවාදී විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමට උර දීමයි.

Related posts