Asani Voice https://asanivoice.org/ The Voice of Socialist Party of Sri Lanka Sun, 30 Apr 2023 21:20:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://i0.wp.com/asanivoice.org/wp-content/uploads/2022/12/cropped-Graphic1.png?fit=32%2C32&ssl=1 Asani Voice https://asanivoice.org/ 32 32 214471420 මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම නිගමනය වනුයේ ලෝක කම්කරු පංතියේ සටන් සමගිය තුළින් පමණකි! https://asanivoice.org/2023/04/30/%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%b4%e0%b7%90/ Sun, 30 Apr 2023 21:03:41 +0000 https://asanivoice.org/?p=561 ශ්‍රී ලංකාව ඇතුළු අවශේෂ ලෝකයේ පවතින වත්මන් දේශපාලන, සමාජ-ආර්ථික හා පාරිසරික ගැටළු වඩාත් අර්බුදකාරී අවධියකට ගමන් කරන බව දැනටමත් බොහෝ දෙනෙකුගේ නිගමනයවී ඇත. මෙම අර්බුදකාරී තත්ත්වය කවර ආකාරවේදැයි කිසිවෙකුට කලින් නිගමනය කළ නොහැකිවී ඇත්තේ මෙම අර්බුදය හමුවේ ලෝකයේ වැඩ කරන ජනතාවගේ, එනම් ලෝක කම්කරු පංතියේ සංවිධිත ක්‍රියාකාරකම් කවරාකාර වේදැයි උපකල්පනය කළ නොහැකිවීම නිසාය. විවිධාකාරයෙන් බෙදී වෙන්වී හා අසංවිධිතවී ඇති ලෝක කම්කරු පංතිය හා ඔවුන්ගේ සංවිධාන ( වෘත්තීය සමිති ඇතුළු) මෙම අර්බුදයේදී ජාති, කුල, ආගම් භේද පසෙකලා සමගිවීම හා සංවිධාන ගතවීම කොතෙක්දුරට සාර්ථක වන්නේද යන්න මත නව ලිබරල්වාදී පිළිවෙත්වල ප්‍ර‍තිඵලයක් වශයෙන්…

The post මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම නිගමනය වනුයේ ලෝක කම්කරු පංතියේ සටන් සමගිය තුළින් පමණකි! appeared first on Asani Voice.

]]>
ශ්‍රී ලංකාව ඇතුළු අවශේෂ ලෝකයේ පවතින වත්මන් දේශපාලන, සමාජ-ආර්ථික හා පාරිසරික ගැටළු වඩාත් අර්බුදකාරී අවධියකට ගමන් කරන බව දැනටමත් බොහෝ දෙනෙකුගේ නිගමනයවී ඇත. මෙම අර්බුදකාරී තත්ත්වය කවර ආකාරවේදැයි කිසිවෙකුට කලින් නිගමනය කළ නොහැකිවී ඇත්තේ මෙම අර්බුදය හමුවේ ලෝකයේ වැඩ කරන ජනතාවගේ, එනම් ලෝක කම්කරු පංතියේ සංවිධිත ක්‍රියාකාරකම් කවරාකාර වේදැයි උපකල්පනය කළ නොහැකිවීම නිසාය. විවිධාකාරයෙන් බෙදී වෙන්වී හා අසංවිධිතවී ඇති ලෝක කම්කරු පංතිය හා ඔවුන්ගේ සංවිධාන ( වෘත්තීය සමිති ඇතුළු) මෙම අර්බුදයේදී ජාති, කුල, ආගම් භේද පසෙකලා සමගිවීම හා සංවිධාන ගතවීම කොතෙක්දුරට සාර්ථක වන්නේද යන්න මත නව ලිබරල්වාදී පිළිවෙත්වල ප්‍ර‍තිඵලයක් වශයෙන් පැන නැගී ඇති වත්මන් දේශපාලන, සමාජ-ආර්ථික, පාරිසරික අර්බුදයට විසදුම් සොයා ගැනීම නිගමනය වන බවත්, එසේ නොවුනහොත් මිනිස් වර්ගයාගේ පැවැත්ම මෙතෙක් නොවූ විරූ අනතුරකට ලක්වන බවත් පැහැදිලි කරුණකි.

ලෝකයේ බහුතරයක් ජනතාවට මෙම තත්ත්වය සිය අත්දැකීම් තුළින්ම වැටහී හෝ හැගී ගොස් ඇති නමුදු, පවතින තත්ත්වය වඩාත් යහපත් කළහැකි විකල්පයක් පැහැදිලිව හදුනා ගැනීමට තවමත් නොහැකිවී ඇත.

සමහර ලෝක නායකයන් පවතින නිශ්පාදන ක්‍ර‍මය මානුෂික කරණය සදහාවූ ප්‍ර‍තිසංස්කරණ ගෙනඒම වෙනුවෙන් පෙනී සිටින අතර, තවත් කොටසක් ධනවාදය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ දිගුකාලීන අරමුණ වෙනුවෙන් වෙහෙස වෙති.

මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ අවශේෂ රටවලද අඩු-වැඩි වශයෙන් කෙරෙන “දේශපාලන සංවාදය“ තුළ “සමාජවාදය“ පිළිබද බලාපොරොත්තුව පැවතියද, එය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි පවතිනුයේ උදාසීන හැගීමකි. විශේෂයෙන් වාමාංශික “බුද්ධිමතුන්“ වශයෙන් ශ්‍රී ලංකාව තුළ පෙනී සිටින්නන් හට මේ පිළිබද විශ්වාසයක් නොමැත. ඔවුන් දකින ආකාරයට “සමාජවාදය“ යන්නේ අර්ථය දැනටමත් බිදවැටී ඇති දෙයකි. ඔව්හු සමාජ පංතීන්ගේ පැවැත්ම හා පංති සටන පිළිබද තවදුරටත් කථා නොකරති; නැතහොත් එම වචන වෙනුවට වෙනත් වචන භාවිතා කරති. මීට හොඳම නිදසුනක් වනුයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිකයන් වශයෙන් සැලකෙන වෛද්‍යවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තමන්ව හදුන්වා ගනුයේ වෘත්තීය වේදීන් වශයෙනි; ඔව්හු කම්කරු  පංතියෙන් වියුක්තවූ වෙනම ප්‍රභූ ස්ථරයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරති. මෙම වැඩවසම්වාදී මනෝභාවයන් හේතු කොටගෙන ශක්තිමත් පංති බලවේගයක් ගොඩනගා ගැනීමට අසමත් වී ඇත. 

පසුගිය වසර 40 පුරා, අමෙරිකා එකසත් ජනපදයේ ජනාධිපතිවූ රේගන්ගේ හා බ්‍රිතාන්‍යයේ අගමැතිනියවූ මාර්ග්‍ර‍ට් තැචර්ගේ පටන් ලොව ධනපති පංති පාලකයන්ගේ යකඩ සපත්තුවලින් පාගා දමන ලද හා චිලියේ පිනෝචේගේ පටන් ශ්‍රී ලංකාවේ ජේ. ආර්. ජයවර්ධන දක්වාවූ කෘරතර පාලකයන් විසින් මර්දනයෙන් යටපත් කරන ලද වෘත්තීය සමිති හා කම්කරු ව්‍යාපාරයේ දිගුකාලීන දුර්‍වල තත්ත්වයෙන් තවමත් ලෝක කම්කරු පංතියට  ශක්තිමත්ව නැගී සිටීමට නොහැකිවී ඇත. අද ප්‍රංශය තවමත් වෘත්තීය සමිති කෙෂ්ත්‍රයේ යම් ශක්තියක් පවත්වා ගෙන ගියද අනිකුත් බටහිර ධනපති රටවල කම්කරු සංවිධාන පවතිනුයේ දුර්‍වල තත්ත්වයකිනි.

මෙම තත්ත්වය යටතේ ලෝක ධනපති පංතියේ අත්තනෝමතික බලයට එරෙහිව කම්කරු පංතිය පැත්තෙන් පංතිමය තර්ජනයක් නොමැතිවීම නිසා සමස්ත පීඩිත ජන ව්‍යාපාරය අන්ද මන්දවී ඇත. ලොව පුරා පීඩිත ජන කොටස් පවතින අත්තනෝමතික හා ප්‍ර‍ජාතන්ත්‍ර විරෝධී ධනපති රාජ්‍යයන්ට එරෙහිව තමන්ට බලපාන ස්ථානගත හා කලාපීය ප්‍ර‍ශ්න පදනම් කරගෙන ජාතිකවාදී, වර්ගවාදී හා ආගම්වාදී විවිධ පසුගාමී මතවාදයන්ට නැඹුරුවී ඇත. මෙහි මහත් ව්‍යසනකාරී ප්‍ර‍තිඵලයවී ඇත්තේ විවිධාකාර ත්‍ර‍ස්තවාදී සංවිධාන බිහිවීමත්, ඒවායේ ප්‍ර‍හාරයන්ට හා ඒවාට ප්‍ර‍තික්‍රියා වශයෙන් ධනපති රාජ්‍යයන්හි සන්නද්ධ හමුදා දියත් කර ඇති යුධ ප්‍ර‍හාරයන්ට සමස්ත ලෝක ජනතාවටම ගොදුරුවීමට  සිදුවීමයි.

මෙම අවාසි සහගත හා අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද, ලෝකයේ පීඩිත ජන අරගලයන් විටෙක ඉදිරියට යමින්ද, විටෙක පසු බසිමින්ද තම පැවැත්ම සදහා නොනවතින අරගලයක යෙදී සිටිති. එහෙත් ධනපති පංතියේ අත්තනෝමතික, දූෂිත හා ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී පාලන තන්ත්‍ර‍ය පරාජය කළ හැකි බලවේගය වනුයේ සංවිධිත කම්කරු පංති බලවේගය බව තේරුම් ගත නොහැකිවී හෝ කම්කරු පංති බලවේගයක් ගොඩනැගීම සදහා වෙහෙසීමට මැලිවී ඇති හෝ කම්කරු පංතියේ ශක්තිය පිළිබදව විශ්වාසයක් නොමැති හෝ වාමාංශික “බුද්ධිමතුන්“ පවතින රාජ්‍යය හා එය ප්‍ර‍ජාතන්ත්‍ර‍කරණය පිළිබදව අන්ද මන්දවූ ආකාරයෙන් විවිධ මතවාද දොඩවති. එහෙත් අද ලෝකයේ කම්කරු පංතිය ප්‍ර‍මුඛ පීඩිත ජනතාව අද සිටින තැනින් අගලක්වත් ඉදිරියට ගෙනයෑමට ගත හැකි හා ගත යුතු ක්‍රියා මාර්ග ගැන සොයා නොබලති; අවධානය යොමු නොකරති.

මෙම තත්ත්වය තුළ ලෝකයේ කම්කරු පංතිය ඇතුළු පීඩිත ජනතාව තමන්ගේම වූ සංවාදයක් හරහා ලෝකයේ සියළුම පීඩිත ජන අරගල ඒකාබද්ධ කළ හැකි ක්‍රියා මාර්ගයක් හා වැඩ පිළිවෙලක් සොයා ගැනීමේ කාර්යභාරයට උරදීම 2023 වසරේ අප සැමට පැවරී ඇති කාර්යභාරය වන්නේය. නව ලිබරල්වාදී පිළිවෙත්වල ප්‍ර‍තිඵලයක් වශයෙන් ලෝකය පුරා දේශපාලනික, සමාජ-ආර්ථික හා පාරිසරික වශයෙන් මතුවී ඇති විනාශකාරී ක්‍රියාවලිය නැවැත්වීමට හෝ යම් තරමකට පාලනය කිරීමට හෝ හැකිවනුයේ කම්කරු පංති බලවේග ශක්තිමත් වන ප්‍ර‍මාණයටය. ජාති, කුල, ආගම් හා වාර්ගික නැතහොත් කළු-සුදු වශයෙන් පීඩිත ජනතාව භේද භින්නවී එකිනෙකා ඇනකොටා ගන්නා විනාශකාරී ක්‍රියාදාමය නැවැත්විය හැක්කේත්, සමගි සන්ධානය ඇතිකළ හැක්කේත් ලොව පුරා කම්කරු පංති බලවේග ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් එක්සත් වන ප්‍ර‍මාණයටය. එසේ නොමැතිව ධනපති පංති පාලනයේ අන්ත දූෂිත පාලක ප්‍ර‍භූන්ට “යහ පාලනය, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, නීතියේ ආධිපත්‍යය“ ඇති කරන ලෙස කන්නලව් කරමින් කාලය කා දැමීම මගින් මිනිස් වර්ගයාගේ පැවැත්ම ඉතාමත් අනතුරුදායක අවධියකට ළගාවනු ඇත.

වත්මන් සමාජ-ආර්ථික, දේශපාලන හා පාරිසරික ආදී මිනිසාගේ පැවැත්ම ව්‍යසනයට ලක්කර ඇති ගැටළුවලට ජනතාවාදී විසදුම් සාකච්ඡා කෙරෙන සාකච්ඡා සභාවන් ලොවපුරා මතුවී ඇති අතර වි‍ශේෂයෙන් ඇමෙරිකාවේ, ප්‍ර‍ංශයේ හා ජර්මනියේ සරසවි සිසුන් ඇතුළු වාමාංශික තරුණයන් යළි මාක්ස්වාදය හැදෑරීමටත්, සමාජවාදය පිළිබද ප්‍ර‍ශ්න සාකච්ඡා කිරීමටත් පටන්ගෙන ඇත. 

ලෝක ජනගහණයෙන් ඉතාම සුළුතරයක් වන ධනපති පංතියේ හා එම පංතියට බැලමෙහෙවර කරන ශ්‍රී ලංකාවේ  රනිල් හා රාජපක්ෂ දූෂිත ධනපති පංති ප්‍ර‍භූන් තම සතුරු පංතියට අයත් වන බව තේරුම් ගැනීමටත්, තමන්ගේ අනාගතය විසදීමට මෙම ධනපති පංති  ප්‍ර‍භූන්ට බාරදී බලා සිටීම වෙනුවට කම්කරු පංතියේ  හා පීඩිත ජනතාවගේ ස්වායත්ත සංවිධාන හරහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගැනීමටත්, ලෝකයේ බහුතරයක් වන වැඩ කරන ජනතාව  මුහුණ දෙන ප්‍ර‍ශ්නවලට අපගේම විසදුම් සොයා ගැනීමටත් 2023 වසරේදී උත්සාහ කරමු!

මෙම කාර්යභාරයේ අප සාර්ථක වන්නේද? නැද්ද? තීරණය වනුයේ අප ක්‍රියාකාරිත්වය තුළින් අනාගතයේදී ගොඩනැගෙන්නේ කුමන ආකාරයේ විකල්ප ජනතා ව්‍යාපාරයක්ද යන්න මතය.

විල්ප්‍ර‍ඩ් සිල්වා

01.05.2023

The post මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම නිගමනය වනුයේ ලෝක කම්කරු පංතියේ සටන් සමගිය තුළින් පමණකි! appeared first on Asani Voice.

]]>
561
2023 මැයි දිනය : කම්කරුවෝ ලෝකය වෙනස් කරති! https://asanivoice.org/2023/04/30/2023-%e0%b6%b8%e0%b7%90%e0%b6%ba%e0%b7%92-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9d-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba-%e0%b7%80/ Sun, 30 Apr 2023 20:37:16 +0000 https://asanivoice.org/?p=554 ලොව පුරා කම්කරුවන් විසින් මැයි දිනය සැමරීමේ අරමුණ වනුයේ ලෝකයේ කම්කරු අරගල යළි සිහිපත් කිරීමත්, කම්කරු අයිතීන් රැක ගැනීමට සහ සූරාකෑමට ඒරෙහිව අරගලය කිරීමට ඇති කැපවීම යළි යළිත් අවධාරණය කිරීම වන්නේය.  ඉතිහාසය පුරාම ලෝක කම්කරු පංතිය සාධාරණ වැටුපක්, හොද සේවා තත්ත්වයන්, සමාජ සුරක්ෂිතභාවය සහ ගෞරවාන්විතව වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අරගල කර ඇත. අද ලොව පුරා සෑම රටකම ධනපති පාලකයෝ මෙම අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරමින් සිටිති. ධනපති හාම්පුතුන්ට හිතුමතේ සේවා තත්ත්වයන් හැසිරවීම සදහා අවකාශ දීමට, විශ්‍රාම වැටුප් ක්‍රම අහෝසි කිරීමට, තරුණ පරම්පරාවට රැකියා අවස්ථාවන් අහිමි කිරීමට උත්සාහ කරමින් සිටිති.…

The post 2023 මැයි දිනය : කම්කරුවෝ ලෝකය වෙනස් කරති! appeared first on Asani Voice.

]]>
ලොව පුරා කම්කරුවන් විසින් මැයි දිනය සැමරීමේ අරමුණ වනුයේ ලෝකයේ කම්කරු අරගල යළි සිහිපත් කිරීමත්, කම්කරු අයිතීන් රැක ගැනීමට සහ සූරාකෑමට ඒරෙහිව අරගලය කිරීමට ඇති කැපවීම යළි යළිත් අවධාරණය කිරීම වන්නේය. 

ඉතිහාසය පුරාම ලෝක කම්කරු පංතිය සාධාරණ වැටුපක්, හොද සේවා තත්ත්වයන්, සමාජ සුරක්ෂිතභාවය සහ ගෞරවාන්විතව වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අරගල කර ඇත. අද ලොව පුරා සෑම රටකම ධනපති පාලකයෝ මෙම අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරමින් සිටිති. ධනපති හාම්පුතුන්ට හිතුමතේ සේවා තත්ත්වයන් හැසිරවීම සදහා අවකාශ දීමට, විශ්‍රාම වැටුප් ක්‍රම අහෝසි කිරීමට, තරුණ පරම්පරාවට රැකියා අවස්ථාවන් අහිමි කිරීමට උත්සාහ කරමින් සිටිති. ධනපති පාලකයන් හා ඔවුන්ගේ ආණ්ඩු විසින් නම්‍යතාවයෙන් යුත් වැඩමුර (Flexible Working Hours), සහ ස්වයංකාරිත්වය (Autonomy) වැනි විවිධ උපාය යොදමින් පැය 24 පුරාම වැඩ ගැනීමටත්, අසනීප නිවාඩු හා අතිකාල දීමනා ඇතුළු මූලික කම්කරු අයිතීන් කපා හැරීමට ධනපති සමාගම්වලට අවකාශ ලබාදීමට අනවරත උත්සාහයක යෙදී සිටිති.

මෙම තත්ත්වය යටතේ මෙවර මැයි දිනය වෙන කවරදාටත් වඩා හුදු වාර්ෂික සැමරීමකට සීමා නොකර කම්කරු අයිතීන් සදහා අරගලය කිරීමට එක්සත් වීමටත්, නව උපාය මාර්ග ගැන යළි සිතා බැලීමටත්, පුළුල් සංවිධාන ව්‍යුහයක් ගොඩනගා ගැනීමටත් අවස්ථාවක් කර ගනිමු!

The post 2023 මැයි දිනය : කම්කරුවෝ ලෝකය වෙනස් කරති! appeared first on Asani Voice.

]]>
554
කඳුකරයේ අපේ නෑදෑයෝ .. සමස්ත ලංකා ළමාචිත්‍ර දැක්ම . https://asanivoice.org/2023/04/28/%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b4%e0%b7%9a-%e0%b6%b1%e0%b7%91%e0%b6%af%e0%b7%91%e0%b6%ba%e0%b7%9d-%e0%b7%83%e0%b6%b8%e0%b7%83%e0%b7%8a%e0%b6%ad/ Fri, 28 Apr 2023 16:23:31 +0000 https://asanivoice.org/?p=551 කඳුකරයේ අපේ නෑදෑයෝ ..සමස්ත ලංකා ළමාචිත්‍ර දැක්ම . කඳුකරයේ දෙමළ ජනතාව පැමිණ වසර 200 පිරීම නිමිත්තෙනි අවසන් දිනය ..2023 අප්‍රේල් 30 ප්‍රාථමික   ..පෙර පාසල් ,1,2,3,4,කණිෂ්ඨ ..5,6,7,8,ජ්‍යෙෂ්ඨ ..9,10,11ජ්‍යෙෂ්ඨ .ද්වි..12,13 ප්‍රමාණය ..ප්‍රාථමික  ,කණිෂ්ඨ ..A3හා 14×18 කැමති ප්‍රමාණයක් භාවිතා කලහැක . ,අනෙක් අංශ 14×18 එක් අයකුට චිත්‍ර 3 ක් එවන්න පුළුවන.චිත්‍ර ඉදිරිපත් කරන සැමට කුසලතා සහතික පිරිනැමේ . චිත්‍රය පිටුපස නම ,පංතිය ,පාසල,පෞද්ගලික ලිපිනය ,දුරකථන අංකය ..ඉංග්‍රීසි බසින් ලියන්න .ගුරුවරයාගේ හෝ දෙමාපියන් ,භාර කරුවන් ගේ අත්සන සහිතව එවන්න …මව හෝ පියා ගේ අත්සන පමණක් ප්‍රමානවත් . මාතෘකා ..1.කඳුකරයේ දෙමළ ජනතාව ගේ සේවාව.2.ජනජීවිතය ,(ජීවනතත්වය,නිවාස,අධ්‍යාපනය,සෞඛ්‍යය ….)3.කඳුකරයේ…

The post කඳුකරයේ අපේ නෑදෑයෝ .. සමස්ත ලංකා ළමාචිත්‍ර දැක්ම . appeared first on Asani Voice.

]]>
කඳුකරයේ අපේ නෑදෑයෝ ..
සමස්ත ලංකා ළමාචිත්‍ර දැක්ම
.

කඳුකරයේ දෙමළ ජනතාව පැමිණ වසර 200 පිරීම නිමිත්තෙනි

අවසන් දිනය ..2023 අප්‍රේල් 30

ප්‍රාථමික   ..පෙර පාසල් ,1,2,3,4,
කණිෂ්ඨ ..5,6,7,8,
ජ්‍යෙෂ්ඨ ..9,10,11
ජ්‍යෙෂ්ඨ .ද්වි..12,13

ප්‍රමාණය .
.ප්‍රාථමික  ,කණිෂ්ඨ ..A3
හා 14×18 කැමති ප්‍රමාණයක් භාවිතා කලහැක .
 ,අනෙක් අංශ 14×18

එක් අයකුට චිත්‍ර 3 ක් එවන්න පුළුවන.
චිත්‍ර ඉදිරිපත් කරන සැමට කුසලතා සහතික පිරිනැමේ .

චිත්‍රය පිටුපස නම ,පංතිය ,පාසල,පෞද්ගලික ලිපිනය ,දුරකථන අංකය ..ඉංග්‍රීසි බසින් ලියන්න .ගුරුවරයාගේ හෝ දෙමාපියන් ,භාර කරුවන් ගේ අත්සන සහිතව එවන්න …මව හෝ පියා ගේ අත්සන පමණක් ප්‍රමානවත් .

මාතෘකා ..
1.කඳුකරයේ දෙමළ ජනතාව ගේ සේවාව.
2.ජනජීවිතය ,(ජීවනතත්වය,නිවාස,අධ්‍යාපනය,සෞඛ්‍යය ….)
3.කඳුකරයේ තේ වතු පරිසරය
4.සත්වපාලනය. ගෙවතුවගාව
5.කඳුකරයේ අපේ පුංචි යාලුවෝ..(කුඩාදරුවන්ගේ කෙලිසෙල්ලම්,අධ්‍යාපනය ආදිය )
6.අපි අතර බේද නැත ..අපි යාලුවෝ..
7.කඳුකරයේ ජනතාවගේ සාමකාමී දයාබර මිනිස් ගතිගුණ
8.සංස්කෘතික ,ආගමික උත්සව(තයිපොන්ගල්,දීපවාලි,වේල්..අලුත් අවුරුද්ද..ආදී ..)

ප්‍රදර්ශනය ට තෝරා ගන්නා චිත්‍ර වලට රන්,රිදී පදක්කම් ,ත්‍යාග ,සහතික ප්‍රදානය හා ප්‍රදර්ශනය මැයි 19,20, 21 දිනවල නුවරඑළිය සිනිසිටා ශාලාවේදී …සිදුකෙරේ .

චිත්‍ර එවිය යුතු ලිපිනය .
.සමාජ සංවර්ධන ආයතනය ..
246/4..රණවන පාර
කටුගස්තොට

අතින් ගෙනවිත් බාරදීමට
කැන්ඩි සිටිසෙන්ටර් ,4 මහල (World Play)

පාසල් හා කලාපවල තැපෑලෙන් එවිය නොහැකි ලොකු චිත්‍ර පාර්සල් තිබේනම් පහල අංක වලට දන්වන්න .කූරියර් පහසුකම් සපයනු ලැබේ.
071 8135642.., 076 621511..
071 2733041.
( චිත්‍ර 100..පමණ හෝ බර පාර්සල් පහත ලිපිනය ට කූරියර් මගින් එවන්න .කූරියර් ගාස්තු ගෙවා බාරගනු ලැබේ.දුර කතන අංකය ද යොදන්න …චිත්‍ර කලා අධ්‍යාපන වේදීන්ගේ සංගමය ,85 ඩී ,..ගොඩගන්දෙනිය ..පේරාදෙණිය ..071 8135642..)

The post කඳුකරයේ අපේ නෑදෑයෝ .. සමස්ත ලංකා ළමාචිත්‍ර දැක්ම . appeared first on Asani Voice.

]]>
551
අසනි – ඒකාධිපති වියරුව පරාජය කරමු! https://asanivoice.org/2023/04/28/%e0%b6%85%e0%b7%83%e0%b6%b1%e0%b7%92-%e0%b6%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b7%94%e0%b7%80-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f/ Fri, 28 Apr 2023 15:59:54 +0000 https://asanivoice.org/?p=547 අසනි -මැයි – ජූනි කලාපය කියවන්න

The post අසනි – ඒකාධිපති වියරුව පරාජය කරමු! appeared first on Asani Voice.

]]>
අසනි -මැයි – ජූනි කලාපය කියවන්න

The post අසනි – ඒකාධිපති වියරුව පරාජය කරමු! appeared first on Asani Voice.

]]>
547
අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි – එය නූතන කොමියුනිස්ට් වාදයේ අවතාරයයි! https://asanivoice.org/2023/04/23/%e0%b6%85%e0%b7%80%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%9d%e0%b6%b4%e0%b6%ba%e0%b7%9a-%e0%b7%84%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a/ Sun, 23 Apr 2023 21:40:04 +0000 https://asanivoice.org/?p=541 දොන් සමන්ත විසිනි පසුගිය මාස කිහිපය පුරාවට සමස්ථ යුරෝපය පුරාම මහ වැඩවර්ජන රැල්ලක් හමා යමින් තිබේ. ඇත්ත වශයෙන්ම මෙම වර්ජන රැල්ලේ කේන්ද්‍රය ප්‍රංශය බව සිතිය හැක. සත්‍ය වශයෙන්ම ජීවන වියදම වැඩිවිම සහ වෘත්තීය අයිතින් කප්පාදුවට එරෙහිව සහ සුභ සාධන කප්පාදුවට එරෙහිව යුරෝපීයන් යුධ ප්‍රකාශ කර ඇත. ආසන්න පසුගිය දින 40 ක කාලයෙන් දින 12 ක් ප්‍රංශයේ වැඩ වර්ජනය කර ඇත. මෙම ලියුම්කරුද  මෙම වැඩ වර්ජනයට රාජ්‍ය අංශයේ අධ්‍යාපනික වෘත්තීය සමිති ක්‍රියාකරුවෙකු ලෙස දායකත්වය දී ඇත. මුළු මහත් ප්‍රංශ ජනතාවත් සියළුම වෘත්තීය සමිති සාතිශය බහුතරය ප්‍රංශ ජනපතිගේ  නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට…

The post අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි – එය නූතන කොමියුනිස්ට් වාදයේ අවතාරයයි! appeared first on Asani Voice.

]]>
දොන් සමන්ත විසිනි

පසුගිය මාස කිහිපය පුරාවට සමස්ථ යුරෝපය පුරාම මහ වැඩවර්ජන රැල්ලක් හමා යමින් තිබේ. ඇත්ත වශයෙන්ම මෙම වර්ජන රැල්ලේ කේන්ද්‍රය ප්‍රංශය බව සිතිය හැක. සත්‍ය වශයෙන්ම ජීවන වියදම වැඩිවිම සහ වෘත්තීය අයිතින් කප්පාදුවට එරෙහිව සහ සුභ සාධන කප්පාදුවට එරෙහිව යුරෝපීයන් යුධ ප්‍රකාශ කර ඇත. ආසන්න පසුගිය දින 40 ක කාලයෙන් දින 12 ක් ප්‍රංශයේ වැඩ වර්ජනය කර ඇත. මෙම ලියුම්කරුද  මෙම වැඩ වර්ජනයට රාජ්‍ය අංශයේ අධ්‍යාපනික වෘත්තීය සමිති ක්‍රියාකරුවෙකු ලෙස දායකත්වය දී ඇත. මුළු මහත් ප්‍රංශ ජනතාවත් සියළුම වෘත්තීය සමිති සාතිශය බහුතරය ප්‍රංශ ජනපතිගේ  නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට විරුද්ධ වුවත් ඔහු විසින් එය සම්මත කර ගත්තේය. එසේ එය සම්මත කර ගත්තේ ප්‍රංශ ව්‍යවස්ථාවේ 49.3 ප්‍රජාතන්ත්‍ර විරෝධි වගන්තියට නිර්වස්ත්‍රව මුවා වෙමිනි. මේ සම්බන්ධයෙන් ප්‍රංශ පාර්ලිමේන්තූ මන්ත්‍රිවරැන්ගේ ජන්දය ඔහු විමසුවේ නැත. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ මෙම බොනපාර්ට්වාදී නින්දිත ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ ජනතා නැගිටීම් වල අලුත් ප්‍රවනතා ඇතිවිමට පටන් ගෙන තිබේ. එනම් ස්ව්‍යං සිද්ධ බලමුළු ගැන්වීම්, උපාය මාර්ගික අංශ වල වැඩවර්ජන, ප්‍රධාන මාර්ග අවහිර කිරීම් , පාසැල් හා වීශ්ව විද්‍යාල වල වාඩිලා ගැනීම්, හමුදා හා පොලිසිය සමග දැඩි වීදී ගැටුම් ඇති වීමේ ඉඩකඩ වැඩි වෙමින් තිබේ. 

ප්‍රංශ ජනපතිගේ මෙම හැසිරීම සම්ප්‍රදායක හා රැඩිකල් වෘත්තිය සමිති ව්‍යාපාරයට සහ සංශෝධනවාදි වාමාංශිකයන්ටත් ප්‍රතිසංසකරනවාදි ඊනියා වමටත් දැඩි මානසික ආතතියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. නිලධාරිවාදි වෘත්තීය සමිති නායකත්වයට තවදුරටත් කල හැකි දෙයක් නැති වන තරමට පීඩනය එල්ල වී ඇත. 

මෙසේ ඇති වූ පීඩනයේ ධනාත්මක ප්‍රතිපලයක් ලෙස ප්‍රංශ වැඩකරන ජනතාවගේ සැබෑ නිර්මාණශිලි කණ්ඩායම් අලුත් ක්‍රියා මාර්ග ගැන සාකච්ඡාවන් ආරම්භ කර ඇත. ප්‍රංශය පමණක් නොව සමස්ථ යුරෝපානු කලාපයම ඒකාබද්ධ සටන් කලාපයක් කිරීමේ යෝජනා ඉදිරිපත් වී ඇත. උදාහරණ ලෙස මෙම ලිපිය ලියන 2023 අප්‍රේල් 22 වන දින සවස ප්‍රංශ හා ඉතාලි සමාජවාදි ක්‍රියාධරයන් සටන් ඒකාබද්ධතාවයක් ගැන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. 

අනෙක් අතට මහ බ්‍රිතාන්‍යය පසුගිය අඩ සියවසයේ මුහුණ දුන් විශාලතම වැඩවර්ජන රැල්ලට මුහුණ දෙමින් ඇත. ශ්‍රිසියේ දැනටම මහ වැඩවර්ජන තුනක් සිදු වී ඇත. ජර්මනියේ වසර 30 කට පසු සිදු වූ  විශාලතම ප්‍රවාහන හා පොදු සේවක වැඩ වර්ජනය 2023 මාර්තු 27 වන දින සම්පූර්ණයෙන්ම එරට අඩාල කලේය. පසුව එය ජාතික වැඩවර්ජන රැල්ලක් බවට පත්විය. 2008 වර්ෂයෙන් පසුව යුරෝපයේ මෙවැනි මට්ටමක වැඩකරන ජනතාවගේ සටන් තත්වයක් ඇති වී ඇතිද යන්න සැකයකි. 

2023 වර්ෂයේ පෙබරවාරි 11 වන දින ලිස්බන් හිදී ගුරුවරුන් 140,000 ක් වැඩ වර්ජනය කර වීදියට බැස්සේය. මෙම ගුරුවරුන් අතර සිටි මරියා ගුයිර්රා පෘතුගාල අගනුවරට    150 Km  දුර ලෙයිරියා නගරයේ සිට පැමිණි මහාචාර්ය වරියකි. එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ ” මම මෙහි සිටින්නේ මාගේ සියළුම ශිෂ්‍යයන් වෙනුවෙන් වගේම කෝවීඩ් කාලයේ සිට මේ දක්වා අසරණභාවයට ඇද වැටී ඇති මාගේ සියළුම සගයන් වෙනුවෙන්ය. ඔවුන් දැන් දරුණු උද්ධමනයෙන් පීඩා විදිනවා. පවතින වැටුපෙන් කිසිසේත්ම ජිවත් විමට බැරි තත්වයක් තිබෙන්නේ. ඒ නිසා ඉදිරියේදී වැඩවර්ජන ඉක්මවා යන සමාජ පෙරලියකට මුලපුරන්න සිදු වෙනවා. ඒ සදහා මම ඔබට ඇරයුම් කරනවා”

2023 පෙබරවාරි 28 වන දින ශ්‍රිසියේ ද මිනිසුන් 57 දෙනකුට මරු කැදවූ දුම්රිය ව්‍යවසනයක් සිදු විය. මෙම සිද්ධියෙන්  පසුව ශ්‍රිසිය පුරා වැඩවර්ජන විරෝධතා ඇති විය. මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙක් කම්කරුවන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විය. මේ සම්බන්ධයෙන් ශ්‍රිසියේ ප්‍රධාන වෘත්තිය සමිති ප්‍රකාශ කර සිටියේ ” මියගිය හා තුවාල ලැබු සියළුම දෙනා සම්බන්ධව ඇති වේදනාව කෝපයක් බවට පත්වන බවය” එතැන් සිට මාර්තු 8 , 13 හා 16 යන දින වල වැඩවර්ජන 3 ක් කැදවනු ලැබීය. මෙට්ට්‍රෝ සේවකයන් සති 2 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කලේය. ශ්‍රිසිය පුරාම දැවැන්ත පෙලපාලි නිර්මාණය විය. එවැනි දැවැන්ත පෙලපලි දක්නට ලැබුනේ  1974 දී ශ්‍රික ඒකාධිපතිවාදය බිද දැමු කාලයෙන් පසුව බව ප්‍රකාශ කෙරේ.

මීලගට ජර්මනියේ උද්දමන තත්වය නිසා විශාල වැඩ වර්ජන  ඇවිලී ඇත. දැන් මාස ගනණාවක සිට රෝහල්, පාසල්, තැපැල් කාර්යාල සහ වරායන් වල වැඩ වර්ජන ඇති වී ඇත. 2023 මාර්තු 27 වන දින ජර්මනියේ ප්‍රවාහන සේවකයන් කල වැඩ වර්ජනය නම් කර තිබුනේ මෙගා වැඩවර්ජනය ලෙසය. පෙබරවාරි මාසයෙදී ජර්මනියේ උද්දමනය 8.7%  දක්වා ඉහළ ගියේය. කම්කරුවන් 10.5% ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ අතර තත්වය පාලනය කර ගැනීමට පාලකයන් 5% ක වැටුප් වැඩිවිමක් ලබා දෙන ලදී. එසේ වුවද ජර්මනියේ වැඩ කරන ජනතාව මෙය ප්‍රමාණවත් නොවන බව දන්වා ඉදිරි ක්‍රියා මාර්ග සැලසුම් කරමින් තිබේ. 

අනෙක් පැත්තෙන් 2023 පෙබරවාරි 01 වන දින මහ බ්‍රිතාන්‍යය අර්බුදය දරුණු තත්වයට පත් විය.  එදින දුම්රිය සේවකයන් රාජ්‍ය අංශයේ සේවකයන්,  හෙදියන් ,ගිනි නිවන බටයන් , ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 500,000 කට අධික පිරිසක් ජිවන වියදම දරා ගැනීමට නොහැකිව පාරට බැස්සේය. 

මේ අතර 2023 පෙබරවාරි 12 වන දින ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හිදි සෞඛ්‍ය සේවකයන්ගේ දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක විය. මෙම වැඩ වර්ජනය හදුන්වනු ලැබුවේ ” සුදු රැල්ල” ලෙසය. මේ සදහා ලක්ෂ ගණනින් ජනයා වීදි වලට පැමිණ සහයෝගය දැක්වීය. එහි ප්‍රතිඵලය වූයේ එම සේවකයන් 15% වැටුප් වැඩිවිමක් දිනා ගැනීමය. මෙම වැඩ වර්ජනය ජයග්‍රහණයෙන් නිමා විය. එසේ ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එරට වාමාංශික ව්‍යාපාරය ජනතාව පෙර සූදානමක සහ වෘත්තිය සමිති , වෘත්තීය සමිතිවාදය ඉක්මවා කටයුතු කිරීමට සූදානම් වීමෙනි.

ඉහත සදහන් කල කරුණු ඔබ හමුවේ තැබීමට තීරණය කලේ යුරෝපයේ පවතින යථා තත්වය පිලිබද යම් අවබෝධයක් ලබා දිමටය. එමෙන්ම ප්‍රධාන ධනපති මාධ්‍ය ආයතන සැබෑ යතාර්ථය සැගවිමත් එක් හේතුවකි. අනෙක් අතට යුරෝපයේ සමාජවාදි වාමාංශික ලෙස හදුන්වන බොහොමයක් සංවිධාන හා පක්ෂ හුදෙක්ම නාමකරණයක් පමණක් වෙමින් පවතින අතර අනියම් ලෙස හෝ සෘජුවම මෙම ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සහ කිරීමෙන් සිටීමය. 

උදාහරණ වශයෙන් 1938  වර්ෂයේ  ලියෝන් ට්‍රොස්ට්කි ප්‍රංශයේදි නිර්මාණය කළ 4 වන ජාත්‍යන්තරය නියෝජනය කරන ප්‍රංශයේ NPA (NEW ANTICAPITALIST PARTY) නායකත්වය ප්‍රතිසංස්කරණවාදි පෙරමුණකට යාම තුළින් සමාජවාදී ඉදිරි දර්ශනය සම්පූර්ණයෙන්ම පාවාදී ඇත. 

මෙම පක්ෂයේ අවසාන සම්මේලනය 2022 දෙසැම්බර් මස පැවැත්විමට යෙදුනද පක්ෂයේ නායකත්වය විසින් එම සම්මේලනය එදින කඩාකප්පල් කලේ පක්ෂය දෙකට බෙදා පලා යාමෙනි. දැන් එම පක්ෂයේ වාම මුහුණුවර වෙනම ගොඩනැගෙමින් ඇති අතර එම කොටස් තුලද යම් යම් වෙනස්කම් ඇති බවද පැහැදිලිය.

ප්‍රංශයේ (NPA) පක්ෂය දක්ෂිනාංශික ප්‍රතිසංස්කරණවාදයට ගෙන ගිය එහි නායකත්වයේ කොටසක්ම හතරවන ජාත්‍යන්තරයේද නායකත්වයේ සිටීම තව දුරටත් ඔවුන් විසින් ලෝක වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර පක්ෂය නිර්මාණය කරන කාර්යය භාරය අවසන් වශයෙන් අත්හැර ඇති බව පසක් වේ. 

එම නිසා දැන් යුරෝපය හා ලතින් ඇමරිකානු කලාප වල මෙන්ම ඇමරිකාවේ හා කැනඩාවේද ආසියාකරයේද නව ජාත්‍යන්තරයක් නිර්මාණය කිරීම පිලිබද අත්‍යවශ්‍ය කතිකාව මතු වී ඇත. එම වැඩපිළිවෙල ඉදිරියට ඒමට නියමිතව ඇත. බොහෝ දුරට කලාපීය මට්ටමෙන් එක්සත් විම් සිදු විය හැක. දකුණු ආසියානු කලාපය හා ආසියානු කලාපය සමාජවාදි කොමියුන් සංගමයක් ලෙස ඉදිරියට ගත යුතුය. ආජන්ටිනාව, බ්‍රසීලය , ස්පාඤ්ඤය  පදනම් කර ගෙන “මාක්ස් ” අධ්‍යයන කරන අලුත් කණ්ඩායම් ඒකාබද්ධ වෙමින් ඇත. ඒ වෙනුවෙන් දෑස් දල්වා ගෙන සිටින ලෙස ශ්‍රි ලංකාවද ඇතුළු දකුණු ආසියාවේ සියළුම සැබෑ සමාජවාදින්ගෙන් ඉල්ලා සිටිමි.

දොන් සමන්ත

CGT වෘත්තිය සමිති ක්‍රියාකාරි (සෝර්බෝන් විශ්ව විද්‍යාලය – ප්‍රංශය )

The post අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි – එය නූතන කොමියුනිස්ට් වාදයේ අවතාරයයි! appeared first on Asani Voice.

]]>
541
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී! https://asanivoice.org/2023/04/20/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80/ Thu, 20 Apr 2023 14:55:02 +0000 https://asanivoice.org/?p=538 ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (CMU) ප්‍රකාශය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ කතෝලික සභාව විසින්, “අප්‍රේල් 21 සිකුරාදා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සත්‍යය සහ යුක්තිය ඉල්ලා ජනවාර්ගික හෝ ආගම් භේදයකින් තොරව ශක්තිමත් මිනිස් දාමයක් නිර්මාණය කිරීම සඳහා පුරවැසියන් වෙත කරන ලද ඉල්ලීම”ට ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය (CMU) සිය සහයෝගය ප්‍රකාශ කර සිටී. පුද්ගලයන් 272 දෙනෙකුට මරු කැඳවමින් ශ්‍රී ලංකාව පුරා පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල්වල රැස්ව සිටි…

The post පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී! appeared first on Asani Voice.

]]>
ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (CMU) ප්‍රකාශය

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය!

2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී

කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ කතෝලික සභාව විසින්, “අප්‍රේල් 21 සිකුරාදා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සත්‍යය සහ යුක්තිය ඉල්ලා ජනවාර්ගික හෝ ආගම් භේදයකින් තොරව ශක්තිමත් මිනිස් දාමයක් නිර්මාණය කිරීම සඳහා පුරවැසියන් වෙත කරන ලද ඉල්ලීම”ට ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය (CMU) සිය සහයෝගය ප්‍රකාශ කර සිටී.

පුද්ගලයන් 272 දෙනෙකුට මරු කැඳවමින් ශ්‍රී ලංකාව පුරා පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල්වල රැස්ව සිටි පවුල්වලට මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරවලට වසර හතරක් ගත වී ඇත. මියගියවුන් අතර ළමුන් 45 දෙනෙකුද, බරපතල තුවාල ලැබූවන් ගණනාවක්ද, දරුවන් 179 කුට දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වී ඇත. ප්‍රහාරයේ 4 වන වසර පිළිබඳ සිය ප්‍රකාශයේ කතෝලික පල්ලිය පෙන්වා දී ඇත්තේ “මෙම ප්‍රහාර පිටුපස සිටි අපරාධකරුවන් හඳුනා ගැනීමට සහ වගකිව යුත්තන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති” බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට එරෙහිව අපරාධ නඩු පැවරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව (ජවිකොස) නිර්දේශ කර ඇතත් ඒ සඳහා නීතිපතිවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ හැසිරීම් සම්බන්ධයෙන් ජවිකොස නිර්දේශයන්ට අනුකූලව දෙපාර්තමේන්තු පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන නොමැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්, විශේෂයෙන්, කැළඹීමට ලක්ව ඇති කරුණ නම්, මෙම බිහිසුණු ප්‍රහාර මැතිවරණ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා නිර්දය ලෙස සැලසුම් කළ හැකිවිණැයි දැන්තබොහෝ දෙනෙකු අතර පවතින සැකයයි. කතෝලික පල්ලිය සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ “මෙම ප්‍රහාර දේශපාලන බලය ලබා ගැනීම සඳහා සංවිධානය කරන ලද කුමන්ත්‍රණයක් බව අපට සහ තවත් බොහෝ දෙනෙකුට පැහැදිලි” බවයි. 2021 මැයි මාසයේදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවේ “2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා කුමන්ත්‍රණයක් පවතින” බවයි. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඔහු කැඳවා ඇත්තේ මේ දැන් පමණි.

ශ්‍රී ලංකාවේ දේශපාලකයින්, රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් විසින් ජනතාවට එරෙහිව සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවල අපරාධකරුවන්, එවැනි අපරාධ පිළිබඳ අතිවිශාල සාක්ෂි තිබියදී පවා, නිර්ලජ්ජිත ලෙස ආරක්ෂා කිරීමට අනුප්‍රාප්තික රජයන් වසර ගණනාවක් තිස්සේ උත්සාහ කර ඇත. බොහෝ කලක සිට ඔවුන් මෙයින් ඇඟ බේරා ගෙන ඇත. ප්‍රහාරයෙන් පසුව රට පාලනය කළ ජනාධිපතිවරුන්ට මෙන්ම දේශපාලනඥයන්ට අමතරව, “… වත්මන් ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය සහ ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන්, මෙම ප්‍රහාර පිටුපස සිටින වැරදිකරුවන් ආරක්ෂා කිරීම සඳහා,  සත්‍යය වසන් කිරීමේ උත්සාහයක කොටස්කරුවන් බව” කතෝලික පල්ලියේ ප්‍රකාශය මගින් පෙන්වා දී තිබේ. මෙම ම්ලේච්ඡ ප්‍රහාර පිටුපස ඇති සත්‍යය ලුහුබැඳ යාමට අසමත්ව සිටින මෙම ආන්ඩුව ම ත්‍රස්තවාදයට එරෙහි පනතක් දැන් දැන් කඩිමුඩියේ ම ගෙන ඒම කුහකකමකි. මෙම කාරණය නොපසුබස්නා ලෙස ඉදිරියට ගෙනයමින් යුක්තිය සොයා යාමට කතෝලික පල්ලිය දරණ උත්සාහය පැසසිය යුතුය සහ ඊට සහයෝගය දැක්විය යුතුය. 

CMU සැමවිටම පෙනී සිටින්නේ යුක්තිය වෙනුවෙන්; විශේෂයෙන්ම, පීඩිතයන් සහ සූරාකෑමට ලක්වූවන් වෙනුවෙනි. ජනතාවට එරෙහිව අපරාධ කරන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි නිරන්තරයෙන්ම් ඉල්ලා සිටියෙමු. මෙම සාඩම්බර සම්ප්‍රදායට අනුව යමින්, අප්‍රේල් 21 වැනි දින, හැකි සෑම තැනකම, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා ක්‍රියාමාර්ගයට සහය දෙන ලෙසත්, පාස්කු ඉරිදා වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා කරන ලද කැඳවීමට සහයෝගය ප්‍රකාශ කිරීම සඳහා තම සේවා ස්ථානවල පෙරවරු 8.45 ට විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් රකින ලෙසත් අපගේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමු. 

The post පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී! appeared first on Asani Voice.

]]>
538
පාස්කු ඉරුදින ත්‍ර‍ස්ත ප්‍ර‍හාරය – 4 වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අගරදගුරුතුමන් ලක්වැසි සියලු ජනතාව අමතා කළ විශේෂ මාධ්‍ය නිවේදනය https://asanivoice.org/2023/04/20/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b4/ Thu, 20 Apr 2023 14:29:19 +0000 https://asanivoice.org/?p=534 The post පාස්කු ඉරුදින ත්‍ර‍ස්ත ප්‍ර‍හාරය – 4 වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අගරදගුරුතුමන් ලක්වැසි සියලු ජනතාව අමතා කළ විශේෂ මාධ්‍ය නිවේදනය appeared first on Asani Voice.

]]>
Press-2023.04.17-1Download

The post පාස්කු ඉරුදින ත්‍ර‍ස්ත ප්‍ර‍හාරය – 4 වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අගරදගුරුතුමන් ලක්වැසි සියලු ජනතාව අමතා කළ විශේෂ මාධ්‍ය නිවේදනය appeared first on Asani Voice.

]]>
534
Carnage on Easter Sunday: Let’s support the public protest demanding the truth to be revealed! https://asanivoice.org/2023/04/19/carnage-on-easter-sunday-lets-support-the-public-protest-demanding-the-truth-to-be-revealed/ Wed, 19 Apr 2023 15:20:53 +0000 https://asanivoice.org/?p=531 Joint Press Statement by Socialist Party of Sri Lanka and Asia Commune. Carnage on Easter Sunday: Let’s support the public protest demanding the truth to be revealed! Colombe Archbishop Cardinal Malcom Ranjith on 17th April, called upon all citizens of Sri Lanka, irrespective of their racial or religious differences to unite with victims of Easter Sunday Carnage to create a strong human chain, on Friday 21st April, from Colombo to Negombo to call upon the truth and justice for the victims of Easter Sunday carnage. We, Socialist Party of Sri…

The post Carnage on Easter Sunday: Let’s support the public protest demanding the truth to be revealed! appeared first on Asani Voice.

]]>
Joint Press Statement by Socialist Party of Sri Lanka and Asia Commune.

Carnage on Easter Sunday: Let’s support the public protest demanding the truth to be revealed!

Colombe Archbishop Cardinal Malcom Ranjith on 17th April, called upon all citizens of Sri Lanka, irrespective of their racial or religious differences to unite with victims of Easter Sunday Carnage to create a strong human chain, on Friday 21st April, from Colombo to Negombo to call upon the truth and justice for the victims of Easter Sunday carnage.

We, Socialist Party of Sri Lanka and Asia Commune unconditionally support this request of Archbishop Cardinal Malcom Ranjith. We call upon all justice loving, honest and fair citizens of Sri Lanka to join this public protest for the future well-being of the people of our country.

It has been 4 years since the Easter Sunday Massacre in Sri Lanka, but the rulers of Sri Lanka have failed to provide justice to the victims of that massacre and their families. Instead, Sri Lanka’s ruling class elites are using their state power to hide and whitewash the real culprits responsible for this attack, and also to use these killings for their political power games. 

Let’s join the human chain stretching from Colombo, Kochchikade to Negombo on Friday, April 21 to defeat these humiliating attempts by the ruling class elites in Sri Lanka and force justice for the victims of the Easter attack and to reveal the truth to the people! 

Socialist Party of Sri Lanka and Asia Commune (France)

The post Carnage on Easter Sunday: Let’s support the public protest demanding the truth to be revealed! appeared first on Asani Voice.

]]>
531
ஸ்ரீலங்கா சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசியா கம்யூன் ஆகியவற்றின் கூட்டு செய்தி அறிக்கை. https://asanivoice.org/2023/04/19/%e0%ae%b8%e0%af%8d%e0%ae%b0%e0%af%80%e0%ae%b2%e0%ae%99%e0%af%8d%e0%ae%95%e0%ae%be-%e0%ae%9a%e0%af%8b%e0%ae%9a%e0%ae%b2%e0%ae%bf%e0%ae%b8%e0%af%8d%e0%ae%9f%e0%af%8d-%e0%ae%95%e0%ae%9f%e0%af%8d%e0%ae%9a/ Wed, 19 Apr 2023 15:04:33 +0000 https://asanivoice.org/?p=526 ஈஸ்டர் ஞாயிறு படுகொலை:உண்மையை வெளிக்கொணரக் கோரும்  பொதுமக்களின் போராட்டத்திற்கு ஆதரவளிப்போம்! கொழும்பு பேராயர் கர்தினால் மல்கோம் ரஞ்சித் அவர்கள், இன, மத பேதமின்றி,ஏப்ரல் 21 ஆம் திகதி வெள்ளிக்கிழமை கொழும்பிலிருந்து நீர்கொழும்புக்கு ஈஸ்டர் ஞாயிறு படுகொலையில் பாதிக்கப்பட்டவர்களுடன் ஒன்றிணைந்து ஈஸ்டர் ஞாயிறு படுகொலையில் பாதிக்கப்பட்டவர்களுக்கான உண்மையும் நீதியும் கோரி வலுவான மனிதச் சங்கிலியை உருவாக்குமாறு இலங்கையின் அனைத்து குடிமக்களுக்கும்  அழைப்பு விடுத்துள்ளார்.  பேராயர் கர்தினால் மல்கம் ரஞ்சித்தின் இந்தக் கோரிக்கையை இலங்கை சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசியா கம்யூன் ஆகிய நாங்கள் நிபந்தனையின்றி ஆதரிக்கிறோம். எமது நாட்டு மக்களின் எதிர்கால நல்வாழ்வுக்காக இந்த பொது ஆர்ப்பாட்டத்தில் கலந்துகொள்ளுமாறு இலங்கையின் நீதியை விரும்பும், நேர்மையான மற்றும் நியாயமான குடிமக்கள் அனைவரையும் அழைக்கிறோம். இலங்கையில் ஈஸ்டர் ஞாயிறு படுகொலைகள் நடைபெற்று 4 வருடங்கள் கடந்துள்ள போதிலும், அந்த படுகொலையில் பாதிக்கப்பட்டவர்களுக்கும் அவர்களது குடும்பங்களுக்கும் நீதி…

The post ஸ்ரீலங்கா சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசியா கம்யூன் ஆகியவற்றின் கூட்டு செய்தி அறிக்கை. appeared first on Asani Voice.

]]>
ஈஸ்டர் ஞாயிறு படுகொலை:
உண்மையை வெளிக்கொணரக் கோரும்  பொதுமக்களின் போராட்டத்திற்கு ஆதரவளிப்போம்!

கொழும்பு பேராயர் கர்தினால் மல்கோம் ரஞ்சித் அவர்கள், இன, மத பேதமின்றி,ஏப்ரல் 21 ஆம் திகதி வெள்ளிக்கிழமை கொழும்பிலிருந்து நீர்கொழும்புக்கு ஈஸ்டர் ஞாயிறு படுகொலையில் பாதிக்கப்பட்டவர்களுடன் ஒன்றிணைந்து

ஈஸ்டர் ஞாயிறு படுகொலையில் பாதிக்கப்பட்டவர்களுக்கான உண்மையும் நீதியும் கோரி வலுவான மனிதச் சங்கிலியை உருவாக்குமாறு இலங்கையின் அனைத்து குடிமக்களுக்கும்  அழைப்பு விடுத்துள்ளார். 

பேராயர் கர்தினால் மல்கம் ரஞ்சித்தின் இந்தக் கோரிக்கையை இலங்கை சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசியா கம்யூன் ஆகிய நாங்கள் நிபந்தனையின்றி ஆதரிக்கிறோம். எமது நாட்டு மக்களின் எதிர்கால நல்வாழ்வுக்காக இந்த பொது ஆர்ப்பாட்டத்தில் கலந்துகொள்ளுமாறு இலங்கையின் நீதியை விரும்பும், நேர்மையான மற்றும் நியாயமான குடிமக்கள் அனைவரையும் அழைக்கிறோம்.

இலங்கையில் ஈஸ்டர் ஞாயிறு படுகொலைகள் நடைபெற்று 4 வருடங்கள் கடந்துள்ள போதிலும், அந்த படுகொலையில் பாதிக்கப்பட்டவர்களுக்கும் அவர்களது குடும்பங்களுக்கும் நீதி வழங்க இலங்கையின் ஆட்சியாளர்கள் தவறியுள்ளனர். மாறாக, இந்த தாக்குதலுக்கு காரணமான உண்மையான குற்றவாளிகளை தண்டனையிலிருந்து காப்பாற்றவும் அவர்கள் குற்றங்களை  மூடி மறைக்கவும்  இலங்கையின் ஆளும்  மேல்தட்டு வர்க்கத்தினர் தங்கள் அரச அதிகாரத்தைப் பயன்படுத்துகின்றனர், மேலும் இந்தக் கொலைகளை தங்கள் அரசியல் அதிகார விளையாட்டுகளுக்காகவும் பயன்படுத்துகின்றனர்.

இலங்கையில் ஆளும் மேல்தட்டு வர்க்கத்தினரின்  இந்த அவமானகரமான முயற்சிகளை முறியடிக்கவும், ஈஸ்டர் தாக்குதலில் பாதிக்கப்பட்டவர்களுக்கு நீதி கிடைக்கவும், மக்களுக்கு உண்மையை வெளிப்படுத்தவும் ஏப்ரல் 21 வெள்ளிக்கிழமை கொழும்பு, கொச்சிக்கடை முதல் நீர்கொழும்பு வரை நீண்டு செல்லும் மனிதச் சங்கிலியில் இணைவோம்!

இலங்கை சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசிய கம்யூன்

(தலைமைச் செயலகம்,பிரான்ஸ்)

The post ஸ்ரீலங்கா சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசியா கம்யூன் ஆகியவற்றின் கூட்டு செய்தி அறிக்கை. appeared first on Asani Voice.

]]>
526
පාස්කු ඉරිදා සංහාරය: සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන ජනතා විරෝධයට සහයෝගය පළ කරමු! https://asanivoice.org/2023/04/19/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%94-%e0%b6%89%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a/ Wed, 19 Apr 2023 14:28:06 +0000 https://asanivoice.org/?p=516 ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය: කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආයාචනා කර සිටියේ පාස්කු ඉරිදා සංහාරයේ වින්දියන්ට යුක්තිය ඉටු කිරීම සදහා සත්‍ය හෙළි කරන ලෙස රාජ්‍ය පාලකයන්ට බල කෙරෙන මිනිස් දම්වැලක් ලෙස ජාති ආගම් භේදයකින් තොරව 2023 අප්‍රේල් 21 සිකුරාදා කොළඹ කොච්චිකඩේ සිට මීගමුව දක්වා  පාර දෙපස පෙළ ගැසෙන ලෙසයි. කාදිනල් හිමිපාණන්ගේ මෙම ඉල්ලීමට කොන්දේසි විරහිතව පූර්ණ සහය දක්වන ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය හා ආසියානු කොමියුනය රටේ අනාගත යහ පැවැත්ම සදහාවූ මෙම ජනතා විරෝධයට එක්වන ලෙස සියලුම යුක්තිය අගයන අවංක හා සාධාරණ පුරවැසියන්ගෙන්…

The post පාස්කු ඉරිදා සංහාරය: සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන ජනතා විරෝධයට සහයෝගය පළ කරමු! appeared first on Asani Voice.

]]>
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය:

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආයාචනා කර සිටියේ පාස්කු ඉරිදා සංහාරයේ වින්දියන්ට යුක්තිය ඉටු කිරීම සදහා සත්‍ය හෙළි කරන ලෙස රාජ්‍ය පාලකයන්ට බල කෙරෙන මිනිස් දම්වැලක් ලෙස ජාති ආගම් භේදයකින් තොරව 2023 අප්‍රේල් 21 සිකුරාදා කොළඹ කොච්චිකඩේ සිට මීගමුව දක්වා  පාර දෙපස පෙළ ගැසෙන ලෙසයි. කාදිනල් හිමිපාණන්ගේ මෙම ඉල්ලීමට කොන්දේසි විරහිතව පූර්ණ සහය දක්වන ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය හා ආසියානු කොමියුනය රටේ අනාගත යහ පැවැත්ම සදහාවූ මෙම ජනතා විරෝධයට එක්වන ලෙස සියලුම යුක්තිය අගයන අවංක හා සාධාරණ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය සිදුවී වසර 4ක් ගතවී ඇති නමුත් එම සංහාරයේ වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන් අසමත්වී ඇත. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ පාලක පංති ප්‍ර‍භූන් සිය රාජ්‍ය යන්ත්‍ර‍ය ක්‍රියා කරවමින් ඇත්තේ මෙම ප්‍ර‍හාරයට වගකිව යුතු නියම පුද්ගලයන් සගවා තබා ගැනීමේ සහ ඔවුනට සුදු හුණු ගෑමේ ක්‍රියාදාමයක් ඉදිරියට ගෙනයෑමට පමණක් නොව තවදුරටත් සිය දේශපාලන බල සූදුව සදහා මෙම ඝාතනයන් දඩමීමා කර ගැනීමටය.

ශ්‍රී ලංකාවේ පාලක පංති ප්‍ර‍භූන්ගේ මෙම නින්දා සහගත උත්සාහයන් පරාජය කර පාස්කු ප්‍ර‍හාරයේ වින්දියන්ට යුක්තිය ඉටු කිරීමටත්, ජනතාවට සත්‍ය හෙළිකිරීමටත් බල කෙරෙන අප්‍රේල් 21 සිකුරාදා කොළඹ, කොච්චිකඩේ සිට මීගමුව දක්වා දිග හැරෙන මිනිස් දම්වැලට එක්වෙමු!

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය: කොළඹ, ශ්‍රී ලංකාව / ආසියානු කොමියුනය: පැරීසිය, ප්‍ර‍ංශය

The post පාස්කු ඉරිදා සංහාරය: සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන ජනතා විරෝධයට සහයෝගය පළ කරමු! appeared first on Asani Voice.

]]>
516