මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම නිගමනය වනුයේ ලෝක කම්කරු පංතියේ සටන් සමගිය තුළින් පමණකි!

ශ්‍රී ලංකාව ඇතුළු අවශේෂ ලෝකයේ පවතින වත්මන් දේශපාලන, සමාජ-ආර්ථික හා පාරිසරික ගැටළු වඩාත් අර්බුදකාරී අවධියකට ගමන් කරන බව දැනටමත් බොහෝ දෙනෙකුගේ නිගමනයවී ඇත. මෙම අර්බුදකාරී තත්ත්වය කවර ආකාරවේදැයි කිසිවෙකුට කලින් නිගමනය කළ නොහැකිවී ඇත්තේ මෙම අර්බුදය හමුවේ ලෝකයේ වැඩ කරන ජනතාවගේ, එනම් ලෝක කම්කරු පංතියේ සංවිධිත ක්‍රියාකාරකම් කවරාකාර වේදැයි උපකල්පනය කළ නොහැකිවීම නිසාය. විවිධාකාරයෙන් බෙදී වෙන්වී හා අසංවිධිතවී ඇති ලෝක කම්කරු පංතිය හා ඔවුන්ගේ සංවිධාන ( වෘත්තීය සමිති ඇතුළු) මෙම අර්බුදයේදී ජාති, කුල, ආගම් භේද පසෙකලා සමගිවීම හා සංවිධාන ගතවීම කොතෙක්දුරට සාර්ථක වන්නේද යන්න මත නව ලිබරල්වාදී පිළිවෙත්වල ප්‍ර‍තිඵලයක් වශයෙන්…

Read More

2023 මැයි දිනය : කම්කරුවෝ ලෝකය වෙනස් කරති!

ලොව පුරා කම්කරුවන් විසින් මැයි දිනය සැමරීමේ අරමුණ වනුයේ ලෝකයේ කම්කරු අරගල යළි සිහිපත් කිරීමත්, කම්කරු අයිතීන් රැක ගැනීමට සහ සූරාකෑමට ඒරෙහිව අරගලය කිරීමට ඇති කැපවීම යළි යළිත් අවධාරණය කිරීම වන්නේය.  ඉතිහාසය පුරාම ලෝක කම්කරු පංතිය සාධාරණ වැටුපක්, හොද සේවා තත්ත්වයන්, සමාජ සුරක්ෂිතභාවය සහ ගෞරවාන්විතව වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අරගල කර ඇත. අද ලොව පුරා සෑම රටකම ධනපති පාලකයෝ මෙම අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරමින් සිටිති. ධනපති හාම්පුතුන්ට හිතුමතේ සේවා තත්ත්වයන් හැසිරවීම සදහා අවකාශ දීමට, විශ්‍රාම වැටුප් ක්‍රම අහෝසි කිරීමට, තරුණ පරම්පරාවට රැකියා අවස්ථාවන් අහිමි කිරීමට උත්සාහ කරමින් සිටිති.…

Read More