මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම නිගමනය වනුයේ ලෝක කම්කරු පංතියේ සටන් සමගිය තුළින් පමණකි!

ශ්‍රී ලංකාව ඇතුළු අවශේෂ ලෝකයේ පවතින වත්මන් දේශපාලන, සමාජ-ආර්ථික හා පාරිසරික ගැටළු වඩාත් අර්බුදකාරී අවධියකට ගමන් කරන බව දැනටමත් බොහෝ දෙනෙකුගේ නිගමනයවී ඇත. මෙම අර්බුදකාරී තත්ත්වය කවර ආකාරවේදැයි කිසිවෙකුට කලින් නිගමනය කළ නොහැකිවී ඇත්තේ මෙම අර්බුදය හමුවේ ලෝකයේ වැඩ කරන ජනතාවගේ, එනම් ලෝක කම්කරු පංතියේ සංවිධිත ක්‍රියාකාරකම් කවරාකාර වේදැයි උපකල්පනය කළ නොහැකිවීම නිසාය. විවිධාකාරයෙන් බෙදී වෙන්වී හා අසංවිධිතවී ඇති ලෝක කම්කරු පංතිය හා ඔවුන්ගේ සංවිධාන ( වෘත්තීය සමිති ඇතුළු) මෙම අර්බුදයේදී ජාති, කුල, ආගම් භේද පසෙකලා සමගිවීම හා සංවිධාන ගතවීම කොතෙක්දුරට සාර්ථක වන්නේද යන්න මත නව ලිබරල්වාදී පිළිවෙත්වල ප්‍ර‍තිඵලයක් වශයෙන්…

Read More

2023 මැයි දිනය : කම්කරුවෝ ලෝකය වෙනස් කරති!

ලොව පුරා කම්කරුවන් විසින් මැයි දිනය සැමරීමේ අරමුණ වනුයේ ලෝකයේ කම්කරු අරගල යළි සිහිපත් කිරීමත්, කම්කරු අයිතීන් රැක ගැනීමට සහ සූරාකෑමට ඒරෙහිව අරගලය කිරීමට ඇති කැපවීම යළි යළිත් අවධාරණය කිරීම වන්නේය.  ඉතිහාසය පුරාම ලෝක කම්කරු පංතිය සාධාරණ වැටුපක්, හොද සේවා තත්ත්වයන්, සමාජ සුරක්ෂිතභාවය සහ ගෞරවාන්විතව වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අරගල කර ඇත. අද ලොව පුරා සෑම රටකම ධනපති පාලකයෝ මෙම අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරමින් සිටිති. ධනපති හාම්පුතුන්ට හිතුමතේ සේවා තත්ත්වයන් හැසිරවීම සදහා අවකාශ දීමට, විශ්‍රාම වැටුප් ක්‍රම අහෝසි කිරීමට, තරුණ පරම්පරාවට රැකියා අවස්ථාවන් අහිමි කිරීමට උත්සාහ කරමින් සිටිති.…

Read More

අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි – එය නූතන කොමියුනිස්ට් වාදයේ අවතාරයයි!

දොන් සමන්ත විසිනි පසුගිය මාස කිහිපය පුරාවට සමස්ථ යුරෝපය පුරාම මහ වැඩවර්ජන රැල්ලක් හමා යමින් තිබේ. ඇත්ත වශයෙන්ම මෙම වර්ජන රැල්ලේ කේන්ද්‍රය ප්‍රංශය බව සිතිය හැක. සත්‍ය වශයෙන්ම ජීවන වියදම වැඩිවිම සහ වෘත්තීය අයිතින් කප්පාදුවට එරෙහිව සහ සුභ සාධන කප්පාදුවට එරෙහිව යුරෝපීයන් යුධ ප්‍රකාශ කර ඇත. ආසන්න පසුගිය දින 40 ක කාලයෙන් දින 12 ක් ප්‍රංශයේ වැඩ වර්ජනය කර ඇත. මෙම ලියුම්කරුද  මෙම වැඩ වර්ජනයට රාජ්‍ය අංශයේ අධ්‍යාපනික වෘත්තීය සමිති ක්‍රියාකරුවෙකු ලෙස දායකත්වය දී ඇත. මුළු මහත් ප්‍රංශ ජනතාවත් සියළුම වෘත්තීය සමිති සාතිශය බහුතරය ප්‍රංශ ජනපතිගේ  නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට…

Read More

නයාට අදු කොළ මෙන් රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය විෂයි!

skynews April 7, 2023 ශාන්ත විජේසුරිය විසිනි පසුගිය දා ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ට එරෙහිව ආණ්ඩුව ලුම්පන් ජනයා යොදා ගනිමින් කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය. ඊට පෙර ජනාධිපති නීතිඥ පිරිස්ගේ බොරැල්ල කොටා රෝඩ් පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ .ඒ ජනාධිපති නීතිඥ පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි පොලිසිය පවසන නදුන් චින්තක නොහොත් හරක් කටාවෙනුවෙන් පෙනිසිටිම එම විරෝධතාවයට ආසන්න හේතුවවි ඇත.චින්තක සහ සලිදු මැඩගස්කර පොලිසිය අත්අඩංගුවට ගෙන පසු මෙරට බාර දෙන ලදි.තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනිසිටින්නට එපා යැයි විරෝධතාකරුවන්ජනාධිපති නීතිඥ පිරිස්ගෙන් ඉල්ලා සිටියහ. එම විරෝධතාකරුවන් අතර චින්තක සහ සලිදු…

Read More

වසන්ත දිසානායක:  දශක පහක දේශපාලනයේ ආපසු හැරී බැලීමක්..

වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ ගරිල්ලෙකු ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක්වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව සිරගත වී නිදහස් වීමෙන් අනතුරුව ජනතා සංගමයේ නායකයෙක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරත විය. ‘89 දකුණේ සිංහල තරුණ කැරැල්ලේ දී  ද්‍රෝහියෙකු ලෙස සළකු වසන්ත දිසානායකට මරණීය තර්ජන එල්ල වුවද දිවි ගලවා ගැනීමට සමත් වූ ඔහු මෑත කාලීනව  “ජාතික ජන බලවේගය“ බිහිකිරීමට මුල්වී පසුව මතවාදීමය හේතුමත ඉන් ඉවත් විය. මේ ඉකුත් දශක පහේ උතුරේත්,  දකුණේත් පැන නැගුනු ජනතා අරගල සහ මෑතක පැන නැගුනු “ගෝල්ෆේස්…

Read More

එදා “රට බෙදන දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය”,  මෙදා  “ආර්ථිකයෙන් රට ගොඩයන්න නොදෙන සිංහල බෞද්ධ ත්‍රස්තවාදය” වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

ඥානසිරි කොත්තිගොඩ විසිනි රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව. මේක සර්පිලාකාරව තමයි සිදුවෙමින් යන්නෙ. හැබැයි මෙයින් ආර්ථිකයද, නැතිනම් සමාජ සංවර්ධනයද පළමුව සිදුවෙන්න ඕන කියල නියතයක් නැහැ. නමුත් සිය‍යට අසූවක් වගේ සිදුවෙලා තිබෙන්නෙ පළමුව ආර්ථිකය ගොඩනැගීම. ඒ වගේම අපට පෙනෙනව ආර්ථික දියුණුවෙන් පස්සෙ ඇතිවන සමාජ ආකල්ප, සමාජ සංවර්ධනය මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමනට, සාමූහිකත්ව‍යට රුකුලක් වෙලා තිබෙනව කියල. එහෙම වෙන්න හේතුව මොකක්ද?  කෑම්බීම්, ඉඳුම් හිටුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය කියන මනුෂ්‍යයන්ගේ මූලික අවශ්‍යතා ලෙස පිළිගැනෙන මේ කාරණා රටක ආර්ථික දියුණුවත් එක්ක හැම දෙනෙකුටම ලැබෙනව. එවැනි…

Read More

Can Capitalism be “reset”?

By Daniel Campos 5/1/21 Published in International SOCIALISMO Magazine 3 The Forum World Economic Davos in Switzerland, proposed a plan called “The Great Reset”, to exit the tremendous economic, social, political crisis and environmental plaguing to humanity. According to this plan, when the COVID-19 pandemic ends, the world must “reset” or “restart”, and restart based on a series of measures. “The Great Reset” was presented by the Prince of Wales, Carlos, eldest son of Queen Elizabeth II of Great Britain, in 2020 together with magnates such as Bill Gates, and…

Read More

Learn to think

A friendly suggestion to certain ultra-leftists By Leon Trotsky May 22, 1938 Certain professional ultra-left phraseologists try at all costs to “correct” the theses of the secretariat of the Fourth International on the war, according to their own ossified prejudices. They especially attack that part of the theses which asserts that, in all imperialist countries, the revolutionary party, while remaining in irreconcilable opposition to its own government in time of war, must nonetheless shape its practical policy in each country according to the internal situation and the international groups, clearly…

Read More

වැඩකරන ජනතාවගේ මහ වැඩවර්ජනයක් සමඟ උතුරත් දකුණත් යා කරමින් ගොඩනැඟෙන මහා හර්තාල් ව්‍යාපාරයකට…

ඥානසිරි කොත්තිගොඩ විසිනි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කි‍රීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ හෙතෙම පළමුවෙන්ම ගියේ රාජකාරියේ ‍යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළා කියමින් ඔවුන්ට ස්තුති කළා. ඉන්පසු පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දයෙන් ජනාධිපතිධූරය ලැබුනාට පසුව මුලින්ම ගියේ අකුරේගොඩ හමුදා සංකීර්ණයට. දැන් ජනාධිපති ගේ බලයට අභියෝග කරමින් රටපුරා මහජන විරෝධයක් ගොඩනැගිල තිබෙන්නෙ. එමනිසා ජනාධිපතිකම ආරක්ෂා කරදෙන්න කියල මෙවර භාරදීල තිබෙන්නේ දේශීය කට්ටියට නෙවෙයි. United States Indo-Pacific Command (USINDOPACOM) නමින් හැඳින්වෙන ඇමරිකාවේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන එක්සත් ජනපද ඉන්දු-ශාන්තිකර විධානයට. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ස්ථාවර කරදීම…

Read More

World Bank is no friend of working people or the planet

February 2, 2023 Policies facilitate the upward distribution of wealth, regardless of human and environmental cost by Pete Dolack Every so often, the World Bank puts out a paper that calls for better social protection or at least a somewhat better deal for working people. The public relations people there evidently believe we have very short memories. No, dear reader, the World Bank has not changed its function, nor have elephants begun to fly. Without any hint of irony, the World Bank’s latest attempt at selective amnesia is what it…

Read More