නයාට අදු කොළ මෙන් රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය විෂයි!

skynews April 7, 2023

ශාන්ත විජේසුරිය විසිනි

පසුගිය දා ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ට එරෙහිව ආණ්ඩුව ලුම්පන් ජනයා යොදා ගනිමින් කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය. ඊට පෙර ජනාධිපති නීතිඥ පිරිස්ගේ බොරැල්ල කොටා රෝඩ් පාරේ පිහිටි ඔහුගේ කාර්යාලය
ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ .
ඒ ජනාධිපති නීතිඥ පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි පොලිසිය පවසන නදුන් චින්තක නොහොත් හරක් කටා
වෙනුවෙන් පෙනිසිටිම එම විරෝධතාවයට ආසන්න හේතුවවි ඇත.
චින්තක සහ සලිදු මැඩගස්කර පොලිසිය අත්අඩංගුවට ගෙන පසු මෙරට බාර දෙන ලදි.
තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනිසිටින්නට එපා යැයි විරෝධතාකරුවන්
ජනාධිපති නීතිඥ පිරිස්ගෙන් ඉල්ලා සිටියහ. එම විරෝධතාකරුවන් අතර චින්තක සහ සලිදු විසින් මරා
දැමුවා යැයි කියන අයගේ දෙමව්පියන් සහ ඥාතීන් ද සිට තිබේ .

නයාට අදු කොළ මෙන් රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය විෂයි


ජනාධිපති නීතිඥ පීරිස්ට එරෙහිව එම විරෝධතාවය පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇත්තේ මහජන
ඇමති ටිරාන් අලස්ට සහ බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට .
ධනපති ක්‍රමයේ උග්‍ර අර්බුදය විසින් නන්නත්තාර කරන ලද පහල මධ්‍යම පාන්තික තරුණ කොටස් ඉන් ගොඩ එම සදහා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම මානව විරෝධී ක්‍රියාකාරකම් හරහා මුදල් හම්බකරන්නට යැම නිසා ඇති වන තරගය එම කා කොටා ගැනීම් වල පසුබිමේ පවති .

ධනපති ආණ්ඩු නිත්‍ය හමුදා වලට අමතර මහජනයාට එරෙහිව මෙවැනි පාදඩ සමාජ කොටස් නිල නොවන හමුදා ලෙස යොද ගනී . රහස් හෙළි වෙතැයි සහ ඔවුන් තමන්ගේ පාලනයෙන් ගිලිහි යන විට ආයුධ පෙන්වන්ට යැයි රැගෙන ගොස් මරා දමයි . ගොනවල සුනිල්ලා සහ සොත්ති උපාලිලා ආණ්ඩු වලට සම්බන්ධ මැර කණ්ඩායම් මෙහෙයුවන් වෙති .
“ජනාධිපති නීතිඥ පිරිස් ජාත්‍යන්තර මත්ද්‍රවය ජාවාරම්කරුවන් අතර කප්පිත්තා වන චින්තක නොහොත් හරක් කටා වෙනුවෙන්අද පෙනිසිටින ගමන් පොලිස්පති කෙබදු අයෙකු විය යුතු දැයි පවසන බවත් අරයා දුෂිතයි මෙයා දුෂිතයි දේශපාලනඥයා දුෂිතයැයි කියන ඔහු ලොකුම දුෂිතයා බව” රාජය ඇමති ඉන්දික අනුරුද්ධ හේරත් පසුගියදා
පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් පැවැසීය. ඊට රුකුල් දෙමින් රාජ්‍ය ඇමතිසි. වි . ජානක ද ජනාධිපති නීතිඥ පිරිස්ගේ නම සදහන්නොකර ඔහුට එරෙහිව අවලාද නගන ලදි.
රාජ්‍ය ඇමති අනුරුද්ධ හේරත් එම වාසි බස් දොඩා වන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වි ගෙනය .
රාජ්‍ය ඇමති අනුරුද්ධ හේරත් සහ ආණ්ඩුව ජනාධිපති තිනීතිඥ පිරිස් සමග ඇති ආරවුල වන්නේ හරක් කටා
වෙනුවෙන් පෙනීසිටිම නොව ගාලුමුවදොර අරගලකරුවන් වෙනුවෙන් පෙනිසිටිමත්. නව පොලිස්පතිවරයා පත් කරද්දි,
අපර‍ාධ සහ මානවහිමිකම් නඩු නැති පුද්ගලයෙකු පත්කරන ලෙසත් විධායකය දේශපාලඥයන් ලවා අධිකරණයේ
තීන්දු වලට කරන බලපෑම වහාම නතර කරන ලෙසටත් නීතිඥ සංගමය ජනාධිපතිවරයාට දන්වා යැවීමත්ය . නීතිඥ පිරිස්
චින්තක හෙවත් හරක් කටාගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටිම ප්‍රශ්න කරමින් ,පාලක පන්තියට නීතිඥ පිරිස් සමග පැවති වෛරය මුදා හැරියේය .

“නීතිඥ සංගමයේ සභාපතිවරයා අරලගකරුවන් රැක්කා පමනක් නොව ඹවුන් වෙනුවෙන් පෙනිසිටි බවත් රට විනාශ
කරන්න ආපු අය සමග ඔහු පාරට ආව බව”කියමින් රාජ්‍යඇමතිවරයා නීතිඥ පිරිස්ට බැණ තර්ජනය කරයි .
ගෝඨා -රනිල් ආණ්ඩුව පලවාහැරීම සදහා විදීබට කම්කරු-පීඩිත මහජනයා වෙනුවෙන් පෙනීසිටි නිසා පාලක පන්තියේ
වෛරය ජනාධිපති නීතිඥ පිරිස් කෙරෙහි එල්ල වි තිබේ

නයාට අදු කොළ මෙන් රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය විෂයි

.
මැතිවරණ කොමිසම තමන්ගේ නීතිඥයා ලෙස ඉදිරිපත් කර ඇත්තේ දේශපාලනය කරන සාලිය පිරිස් බවත් ඔහු වෙනුවට
සමගි ජන බලවේගයේ හෝ ජාතික ජන බලවේගයේ නීතිඥයෙකු යොදා ගත්තා නම් මිට හොද බව පවසමින්
ජනාධිපති වික්‍රමසිංහ නීතිඥ පිරිස්ට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උසිගන්වා ඇත.
ධනපති ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වි සිටින නීතිඥ පිරිස්ට එරෙහිව ,ජනාධිපති වික්‍රමසිංහගේ විරෝධය
හුදු පුද්ගලික එකාක් නොව අඩුම තරමේ ධනපති පාලක පන්තියට නීතිඥ පිරිස් ඉල්ලන ධනපති පාර්ලිමේන්තු
ප්‍රජාතන්ත්‍රවාදයවත් දීමට ඇති නොහැකියාව විසින් වාන්දමන විරෝධයකි . අරගලකරුවන් ජනාධිපති මන්දිරය , අරලිය ගහ මන්දිරය , ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය අල්ලා ගනිද්දී ඊට විරුද්ධ වුවා පමනක් නොව එවා අතහරින්නැයි ඔහු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටියේය . පිරිස් කියන දේවල් කරන්න අරගලකරුවන් සුද්‍රනම් නැතැයි මම කියද්දී ,පීරිස්ගේ මතවාදයට පක්ෂ පිරිස් සහ මා අතර ගැටුමක් ද නිර්මාණය විය .ලංකාවේ ධනපති ක්‍රමය යනු ගෝලිය ප්‍රපංචයකි. ලෝක පරිමානව ධන කුවේරයන් සුළු පිරිසක් විසින් වැඩකරන ජනයාගේ ශ්‍රමය සුරාකමින් සමස්ත අර්බුදයේ බර කම්කරු මහජනයා මත පැටවීම ධනපති ක්‍රමයේ අර්බුදයයි . එම අර්බුදය නීති ආධිපත්‍ය සහ ප්‍රතිසංස්කරණ හරහා වඩා යහපත් ධනපති සමාජයක් නිර්මානය කළ හැකි යන මිත්‍යාවේ ජනාධිපති නීතිඥ පීරිස් පැටලි ඇත. ජනාධිපති රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය යනු නයාට අදු කොළ මෙන් විෂය . අයිඑම්එෆ් ආර්ථික පිළිවෙත ක්‍රියාවට දැමීමට එරෙහි සෑම ප්‍රයත්නයක් ම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කර මර්දනය කිරීමට රනිල් සැරසෙයි .

නයාට අදු කොළ මෙන් රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය විෂයි


ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාල ඇතුළු පාසැල් 12 ක අවශ්‍යතාවය මත ජනාධිපති වික්‍රමසිංහ ජාතික
පාසැල් ගුරුමාරු මණ්ඩල අත්තනොමතිකව විසුරුවා හැරීමට එරෙහිව ගුරුසංගම් සංවිධානය එකතු වී පැවැත්තු වු
විරෝධයට මැදට කොලොන්නාව සහ මීතොටමුල්ල ප්‍රදේශ වල ජිවත් වන පැල්පත්වාසී ජනයා ගෙනැවිත් දමා ගැටුමක්
නිර්මානය කිරීමට ආණ්ඩුව උත්සහයක නිරත විය.

ගුරුසංගම් වලට එරෙහිව මෙම පිරිස් රැගෙනවිත් ඇති බවට චෝදනා එල්ල වි ඇත්තේ සිංහල ස්වෝත්තමවාදියෙකු වන
ඩෑන් ප්‍රියසාද්ට සහ උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක රවිකරුණානයකටය.
මිට පෙර ද ආණ්ඩුව අරගලකරුවන්ට එරෙහිව ගාලුමුවදොර පිටියේ වෙළදාම් කරන පිරිස් උසිගැන්වීමට කටයුතු කළේය .
කොටුව චිත්තම්පලම් ගාඩන් හි පිහිටි ලංතා ගුරු සංගම් කාර්යාලය වැටලු දෙමව්පිය ලෙස වෙස්වලා ගත් ප්‍රියසාද් ඇතුළු පාදඩයින් පිරිසක් එම සංගම් කාර්යාලයට කඩාවැදීමට උත්සහ කළහ .
ආණ්ඩුවට ජනතාවගේ එකදු මුලික ප්‍රශ්නයක් විසදීමට අපොහොසත් වි ඇති තත්ත්වයක් යටතේ පුපුරා යන අරගල
පසුබැස්සවීමටත් මහජනයා බියවැද්දවීමටත් පොලිස් සහ හමුදා බුද්ධ අංශ අමතරව ප්‍රියසාද්ලා වැනි පාදඩ නඩ
ඉදිරියේදී වැඩි වැඩියෙන් යොදා ගනු ඇත .
ආණ්ඩුව මහජන අරගල මර්දනය කිරීම සදහා පොලිසීය මිලිටරිය , කදුළු ගැස් සහ ජල ප්‍රහාර සහ ත්‍රස්ත අණ
පනත් වලට අමතරව ජිවත්විමේ සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ධනපති ආණ්ඩුවට එරෙහි සටන්වදින කම්කරු –
පීඩිත මහජනයා මැඩලීමට ධනපති ක්‍රමය මගින් හිගමනට ඇද දමපු පිඩිත මහජනයාව එම අරගල වලට එරෙහිව
යොදා ගැනීම ධනපති මිලේච්ඡත්වය මෙන්ම ධනපති ක්‍රමයේ බංකොළොත්කම එළිමහනට ප්‍රදර්ශනය විමකි .
ආණ්ඩුව අනිකුත් කම්කරු -පිඩිතයින්ගේ අරගල වලට එරෙහිව අනුගමනය කළ පිළිවෙත අනුව යමින් නීතිඥ පීරිස්ට එරෙහිව ද හරක් කටාගේ සහ පානදුර සලිදුගේ එදිරිවාදීන් සහ පාදඩයින් යොදාගෙන තිබේ .
ආණ්ඩුවේ මැර හමුදා විසින් මාකදුරේ මදුෂ්ක සහ කොස්ගොඩ තාරකව ආයුද පෙන්වන්නට යැයි රැගෙන ගොස්
මරා දමා ඇත්තේ අපරාධ පරිත්ෂණ දෙපාර්මේන්තුව, බන්ධනාගාරය සහ අධිකරණය භාරව සිටියදිය .

මදුෂ්ව ඩුබාසි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙරට භාරදුන් සැකකරුවෙකි .මදුෂ් ,තාරක පමනක් නොව තවත් සිය ගණනක් තරුණයන් ආයුද පෙවන්නට යැයි රැගෙන ගොස් මරා දමන ලදී .
චින්තකට හෝ සලිදුට එරෙහිව ඇති කිසිදු මත්ද්‍රව්‍ය නඩුවක් වෙනුවෙන් ජනාධිපති පීරිස් පෙනි සිට නැති අතර එසේ පෙනි නොසිටින්නැයි කියන්නට ද අපට අයිතියක් නැත. පෙනී සිටිනවාද නැද්ද යන්න තීන්දු කිරීමේ අයිතිය ඇත්තේ
ඔහුටය .

අයිතිවාසිකම් පිළිබද ගැටුමක් ඇති නොවෙනතාක් ඔිනෑම සේවාදායකයෙකු වෙනුවෙන් පෙනි සිටින බවට සෑම නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දිවුරුම් දි තිබේ .

නයාට අදු කොළ මෙන් රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය විෂයි


ජනාධිපති නීතිඥ පීරිස් චින්තකගේ පියාගේ ඉල්ලීම මත චින්තකට ජිවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් පමනක් පෙනි සිටියේය. සලිදු වෙනුවෙන් පෙනි සිටින්නේ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයෙකු වන නලීන් ලද්දුවහෙට්ටිය . ඔහු නීතිඥ සංගමයේ සභාපති නොවන නිසාත් අරගලකරුවන් වෙනුවෙන් පෙනි නොසිටිනිසාත් ලද්දුවහෙට්ටි මත්ද්‍රව්‍ය මාෆියාවට සම්බන්ධ යැයි ආණ්ඩුව හෝ ආණ්ඩුවේ ගොබෙල්ස්ලා කියන්නේ නැත .
ජනාධිපති පිරිස් චින්තක වෙනුවෙන් මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමට පමනක් රුපියල් 75.000 මුදලක් අය කරන බවත් සැකරුවෙකු වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව හමුවේ පෙනී සිටිමට පමනක් රුපියල් 10.000 මුදලක් අය කරන බවත් නීතිඥ සංගමය මත්ද්‍රව්‍ය මාෆියාව සමිපව කටයුතු කරන බව හිටපු ගුවන් හමුදා බුද්ධී අංශ නිලධාරියෙකු මෙන්ම
ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා කීරති රත්නායක නැමැත්තෙක් යුටියුබ් නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ජාවකදී නීතිඥ සංගමයට සහ සභාපති ජනාධිපති නීතිඥ පීරිස්ට චෝදනා කර ඇත.
රත්නායක නැමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ලැප්ටෝප් පෙන්නට යැයි රාත්‍රීයේ රැගෙන ගොස් මරා දමන්නට කැසකවද්දී ,මුදල් නොගෙන ඔහුව බේරා ගෙන ගත්තේ ජනාධිපති නීතිඥ පීරිස්
බව රත්නායක එම සම්මුඛ සාකච්ජාවේදී පාපෝච්චාරණය කරයි .

රත්නායක නැමැත්තා විසින් තමාට එරෙහිව සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව යුටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ජාවක් දෙමින් ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥ පීරිස් තම සේවාදායකයන්ගෙන් ඔය කියන තරම් විශාල ගාස්තු අය කර
නැති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ රදවා සිටින සැකකරුවන් බැලිමට කිසිදු දවසක එහි ගොස් නැති බවත් එම සම්මුඛ සාකච්ජාවේදී අවධාරණය කරයි.
ජේ. ආර් . ජයවර්ධන 1977 බලයට පැමිණෙන්නේ නව ලිබරල් ධනපති ක්‍රමය කරපින්නාගෙනය . නව ලිබරල් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යැමේ දී කම්කරු -පිඩිත මහජනයා තුලින් පැනනගින විරෝධය මැඩලීමටත් 71 මෙන් දකුණේ සහ උතුරේ පැනනගින ඔිනැම තත්තවයකට මුහුණදීම සදහා ජේ .ආර් .ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන අණ පනත් කලින් ගෙනැවිත් තිබුණි .

අද ජනාධිපති වික්‍රමසිංහ ද ජේ. ආර් අනුවයමින් නව මර්දන අණ පනත් හදුන්වාදෙමින් ධනපති ක්‍රමයේ නොහැකියාව වාසා ගන්නට වික්‍රමසිංහ වියරු උත්සහයක නිරත වෙමින් ඇත.
ජේ .ආර්. තමන්ගේ නියෝග ක්‍රියාත්මක නොකලා යැයි එවකට හිටපු අගවිනිසුරු නෙවිල් සමරකොන්ගේ ගෙදරට කලු ලකී ලව්වා ගල් ගැස්ස විණි .
.ඒතැනින් නොනැවතුණු ජේ .ආර් . ධර්මිෂ්ට සමාජයක් ගොඩනගන බව පවසා ජේ. ආර් .මැරයෝ ලව්වා එදිරවිර සරත්චන්ද්‍ර ඇතුළු කාලාකාරුවන්ට කානු වල දමාගෙන පහරදුන්හ .

ජේ .ආර් . එදා කලු ලකී යොදාගෙන අගවිනිසුරුගේ ගෙදරට ගල් ගැස්සුවා සේ අද ජනාධිපති වික්‍රමසිංහ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ මහජන ආරක්ෂක ඇමති යොදවා ජනාධිපති නීතිඥ පීරිසිගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කරති .

කුණු වී ඔජස් ගලන ධනපතී ක්‍රමය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය සෙවීම හරියට එළුවාගේ ඇට දෙක වැටෙනකම් ඌගේ පස්සේ බඩ ගෑමට සමානය .

ධනවාදී අර්බුදයට ඇති එකම විසදුම සමාජවාදය පමණි . සමාජවාදී පිළවෙතින් බැහැර වන සැම පිළිවෙතක් ම සේවය කරන්නේ ධනපති ක්‍රමය රැකීමටයි .කම්කරු පන්තිය ස්වාධීන බලමුළු ගැන්විමෙන් මෙපිට ධනපති ක්‍රමය මුලින් උදුරා දැමීය නොහැකිය .මානව ඉතිහාසයේ අර්බුදය විප්ලවවාදී නායකත්වය පිළිබද අර්බුදයයි . 2022 මැයි 09 සහ ජුලි 09 ය නැගිටිම් වල පරාජයන්ට හේතුව විද්‍යාත්මක ඉදිරි දර්ශනයක් සහිත විප්ලවවාදී ව්‍යාපාරයක් නොමැතිකමය . අද ප්‍රධාන කටයුත්ත වන්න‌ේ විප්ලවාදී පක්ෂය ගොඩනැගිමයි . විප්ලවවාදී නායකත්වය පිළිබද ප්‍රශ්නය ඉදිරියේදී විසදා ගැනීමට නොහැකි වුවහොත් පැනනගින අරගල පරාජයන්ගෙන් කෙරවල වීමට නියමිතය .

Republished From: https://www.lankaskynews.com/%e0%b6%b1%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7-%e0%b6%85%e0%b6%af%e0%b7%94-%e0%b6%9a%e0%b7%9c%e0%b7%85-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4/

Related posts