මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම නිගමනය වනුයේ ලෝක කම්කරු පංතියේ සටන් සමගිය තුළින් පමණකි!

ශ්‍රී ලංකාව ඇතුළු අවශේෂ ලෝකයේ පවතින වත්මන් දේශපාලන, සමාජ-ආර්ථික හා පාරිසරික ගැටළු වඩාත් අර්බුදකාරී අවධියකට ගමන් කරන බව දැනටමත් බොහෝ දෙනෙකුගේ නිගමනයවී ඇත. මෙම අර්බුදකාරී තත්ත්වය කවර ආකාරවේදැයි කිසිවෙකුට කලින් නිගමනය කළ නොහැකිවී ඇත්තේ මෙම අර්බුදය හමුවේ ලෝකයේ වැඩ කරන ජනතාවගේ, එනම් ලෝක කම්කරු පංතියේ සංවිධිත ක්‍රියාකාරකම් කවරාකාර වේදැයි උපකල්පනය කළ නොහැකිවීම නිසාය. විවිධාකාරයෙන් බෙදී වෙන්වී හා අසංවිධිතවී ඇති ලෝක කම්කරු පංතිය හා ඔවුන්ගේ සංවිධාන ( වෘත්තීය සමිති ඇතුළු) මෙම අර්බුදයේදී ජාති, කුල, ආගම් භේද පසෙකලා සමගිවීම හා සංවිධාන ගතවීම කොතෙක්දුරට සාර්ථක වන්නේද යන්න මත නව ලිබරල්වාදී පිළිවෙත්වල ප්‍ර‍තිඵලයක් වශයෙන්…

Read More

2023 මැයි දිනය : කම්කරුවෝ ලෝකය වෙනස් කරති!

ලොව පුරා කම්කරුවන් විසින් මැයි දිනය සැමරීමේ අරමුණ වනුයේ ලෝකයේ කම්කරු අරගල යළි සිහිපත් කිරීමත්, කම්කරු අයිතීන් රැක ගැනීමට සහ සූරාකෑමට ඒරෙහිව අරගලය කිරීමට ඇති කැපවීම යළි යළිත් අවධාරණය කිරීම වන්නේය.  ඉතිහාසය පුරාම ලෝක කම්කරු පංතිය සාධාරණ වැටුපක්, හොද සේවා තත්ත්වයන්, සමාජ සුරක්ෂිතභාවය සහ ගෞරවාන්විතව වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අරගල කර ඇත. අද ලොව පුරා සෑම රටකම ධනපති පාලකයෝ මෙම අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරමින් සිටිති. ධනපති හාම්පුතුන්ට හිතුමතේ සේවා තත්ත්වයන් හැසිරවීම සදහා අවකාශ දීමට, විශ්‍රාම වැටුප් ක්‍රම අහෝසි කිරීමට, තරුණ පරම්පරාවට රැකියා අවස්ථාවන් අහිමි කිරීමට උත්සාහ කරමින් සිටිති.…

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී!

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (CMU) ප්‍රකාශය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ කතෝලික සභාව විසින්, “අප්‍රේල් 21 සිකුරාදා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සත්‍යය සහ යුක්තිය ඉල්ලා ජනවාර්ගික හෝ ආගම් භේදයකින් තොරව ශක්තිමත් මිනිස් දාමයක් නිර්මාණය කිරීම සඳහා පුරවැසියන් වෙත කරන ලද ඉල්ලීම”ට ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය (CMU) සිය සහයෝගය ප්‍රකාශ කර සිටී. පුද්ගලයන් 272 දෙනෙකුට මරු කැඳවමින් ශ්‍රී ලංකාව පුරා පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල්වල රැස්ව සිටි…

Read More

පාස්කු ඉරිදා සංහාරය: සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන ජනතා විරෝධයට සහයෝගය පළ කරමු!

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය: කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආයාචනා කර සිටියේ පාස්කු ඉරිදා සංහාරයේ වින්දියන්ට යුක්තිය ඉටු කිරීම සදහා සත්‍ය හෙළි කරන ලෙස රාජ්‍ය පාලකයන්ට බල කෙරෙන මිනිස් දම්වැලක් ලෙස ජාති ආගම් භේදයකින් තොරව 2023 අප්‍රේල් 21 සිකුරාදා කොළඹ කොච්චිකඩේ සිට මීගමුව දක්වා  පාර දෙපස පෙළ ගැසෙන ලෙසයි. කාදිනල් හිමිපාණන්ගේ මෙම ඉල්ලීමට කොන්දේසි විරහිතව පූර්ණ සහය දක්වන ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය හා ආසියානු කොමියුනය රටේ අනාගත යහ පැවැත්ම සදහාවූ මෙම ජනතා විරෝධයට එක්වන ලෙස සියලුම යුක්තිය අගයන අවංක හා සාධාරණ පුරවැසියන්ගෙන්…

Read More

අනුර – ටිල්වින්: “ඔබලා දේශපාලනඥයෝ නොවෙත්ද?”

ඥානසිරි කොත්තිගොඩ විසිනි “මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න  තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය. මේ කිසිවක් මෙතැන ඉන්න ජෙනරාල්වරයෙකුගේ කැමත්ත නෙමේ. මේ කිසිවක් මෙතැන ඉන්න සාමාන්‍ය සොල්දාදුවෙකුගේ කැමත්ත නොවේ. හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්න නෙමේ. හැබැයි මොකක්ද සිදු වී තියෙන්නේ. අපේ රටේ දේශපාලනය අපි අතර ගැටුම් විශාල ප්‍රමානයක් නිර්මාණය කළා. ඒක ඔවුන් ගේ දේශපාලනය.”  හදවත කීරි ගැහෙන කතාවක ඉහත උපුටා ගැනිම කළේ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක,  ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක, අනුර කුමාර දිසානායක “විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ සාමූහිකය” වෙනුවෙන් මහරගම දී පැවැත් වූ දේශනයකින්. කදුළු වැගිරෙන, හදවත…

Read More

අසනි – පුංචි ඡන්දය ආණ්ඩුවේ මළගමයි!

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ! මැතිවරණයේදී විප්ලවකාරී වමක් සදහා සටන් වදිමු!

Read More

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය පළාත් පාලන මැතිවරණයට …

අසනි පුවත් පුවත් නිවේදනය ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ හා සීතාවක ප්‍රාදේශිය සභාවලටත්, කොළඹ නගර සභාවටත් එළබෙන පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ප්‍ර‍ධාන ලේකම් මහින්ද දේවගේ සහෝදරයා අදහස් දක්වමින්…

Read More